Monday, November 16, 2009

කාන්තාවෝ පිරිමින්ට වඩා වැඩි කලක්‌ ජීවත් වෙති

ජන සමාජයේ පුරුෂාධිපත්‍යයෙන් හිස උදුම්මා ගෙන සිටින පිරිමින්ට වඩා, කාන්තාවන් ශීලාචාරව හැසිරෙන අතර, එහි ප්‍රතිඵලයක්‌ වශයෙන්, පිරිමින්ට වඩා වැඩි කලක්‌ ජීවත් වීමට කාන්තාවන්ට හැකිවී ඇත. මුලදී වසර තුනක්‌ පමණ වැඩිපුර ජීවත් වූ කාන්තාවන්, දැන් වසර පහක්‌ පමණ වැඩිපුර ජීවත් වන බව සමීක්‌ෂණයකින් සොයාගෙන ඇත.

අඩිපුඩි ගැසීම, දුම්පානය, ආයු කාලය කෙටි කරන නොහොබිනා ක්‍රියා වන වග දැන දැනම, ඒවාට ඇබ්බැහිව සිටින්නේ, කාන්තාවන් නොව පිරිමින්ය. මීට අමතරව, මත් කුඩුවලට ඇබ්බැහිව සිටින්නේද ඔවුන්මය.

දරුමල්ලන් ඉදිරියේ පවා අඩිපුඩි ගැසීම, දුම්පානය සමහර පිරිමින්ගේ පුරුද්දකි. ඇඳිරි නීතිය පනවා තිබුණු අවස්‌ථාවකදී පවා, සිගරට්‌ සොයන්න ගිය කෙනකු ගැන මා දන්නා අතර පර සුද්දන් අපට හුරුපුරුදු කළ මේ නොමනා ක්‍රියාවලට පිරිමින් ඇබ්බැහිව සිටින අන්දම එයින්ම තේරුම් ගත හැකිය.

ක්‍රිකට්‌ ක්‍රීඩිකා කණ්‌ඩායමක්‌ පිහිටුවන්න පියවර ගනී

ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන්ද සිටින නමුත්, ක්‍රිකට්‌ ක්‍රීඩිකා කණ්‌ඩායමක්‌ නිල වශයෙන් පිහිටුවා ගෙන නැත. එනිසා, ක්‍රිකට්‌ ක්‍රීඩිකා කණ්‌ඩායමක්‌ද පිහිටුවා ගැනීමට තීරණය කර ඇතැයි දැන ගන්නට ඇත.

Tuesday, November 10, 2009

මට්‌න් රෝල් - මාලු පැටිස්‌