Wednesday, March 31, 2010

මේ අවුරුද්දේ හිත පිරෙන්න කන්න


පබ්ලිස්‌ සිල්වා ඉදිරිපත් කරයි

ළඟම එන්නේ අප්‍රේල් මාසේ. ඒ කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ලංකාවේ කවුරුත් හොඳට කාලා බීලා සතුටින් ඉන්න කාලේ. මේ සතුටට ස්‌වභාව ධර්මය පුදුම විදිහට අපට සම්පත් සපයනවා.

කජු පුහුලන් කන්න ලැබෙන්නේ මේ අවුරුදු කාලෙදි. කජු පුහුලන් කියන්නේ ඉතාම හොඳ ගුණ කෑමක්‌. ඒත් අපේ අය මේවා කන්නේ නෑ. අවුරුද්දකට වතාවක්‌වත් කන්න ලැබෙන කෑම කන්නේ නෑ.

අවුරුදු කාලෙදිවත් ගෙදර අයට අපේ දේ ගැන හඳුන්වා දෙන්න. කෑම බීම අපට ගැලපෙන විදියට අපේ දේවලින් හදන්න.

කජු පුහුලන්, ජම්බු, පැල මද මේ දේවල් එකතු කරලා රසවත් කෑම හදන්න පුළුවන්. ඒ වගේම කැවුම්, කොකිස්‌ දරුවන්ට හදලා දෙන්න.

හුඟ දෙනෙක්‌ මේ තෙල් කෑමවලට බයයි. කැවුමක්‌, අතිරසයක්‌, කොකිසක්‌, අග්ගලයක්‌ මුං කැවුමක්‌ කෑවේ නැත්නම් ඒ අවුරුද්දෙන් වැඩක්‌ තියෙනවද? දරුවන්ටත් තහංචි දානවා. "හා හා ඕවයේ තෙල්, සීනි වැඩියි කන්න එපා" කියනවා. තෙල්, සීනි තිබුණට කමක්‌ නෑ කන්න.

දේශිය කෑමවල හොඳ සමබරතාවයක්‌ තියෙනවා. තෙල්, සීනි වැඩි කෑමත් එක්‌ක අපි ඒවා අඩු කරන කෑමත් කන්න ඕන. අපි කරන්නේ සීනි, තෙල් කෑම කාලා නිකම් ඉන්න එක. එහෙම කළහම ප්‍රශ්නයක්‌ තමයි. අපි ඕන තරම් කියලා තියෙනවා ගොරකා උයලා කන්න කියලා. කරපිංචා දළු සම්බෝල, කරපිංචා කැඳ මේවා අහන්නේ නෑ.

ඒ හින්දා අද මම ඔබට මෙහෙම කියනවා. මේ අවුරුද්දේ ඔබ හිතේ හැටියට කන්න. ඒ එක්‌කම අපි මේ ඉදිරිපත් කරන කෑම, බීමත් ඒ විදියටම ගන්න. නැතිව හොඳට කාලා හිටියොත් නම් ඵලක්‌ වෙන්නේ නෑ.

ගොරකා මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි කොරකා ග්‍රෑම් 250

විටට කහ හුණු තේ හැඳි 1/2

රතු ළුEනු ග්‍රෑම් 50

අමු මිරිස්‌ කරල් 2

ලියාගත් කරපිංචා තේ හැඳි 1

සුදු ළුEනු බික්‌ 2 (දෙකට පලා මැද ඉවත් කරන්න)

බැදගත් උළුහාල් තේ හැඳි 1/2

කරි කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

මිරිස්‌ කුඩු තේ හැඳි 1/2 (කබලේ බදින්න)

උම්බලකඩ තේ හැඳි 1

ලුණු තේ හැඳි 1/2

දිය කිsරි කෝ. 2

මිටි කිරි කෝ. 1/2

සාදන ක්‍රමය

වතුර කෝප්ප 1/2 ට හුණු කලවම් කර ගොරකාවල දවටා පැයක්‌ තබන්න. එය පිරිසිදු ජලයට දමා පස්‌ වරක්‌ සෝදාගන්න. කැබලි කපාගන්න. මිටි කිරි හැර ඉතිරි සියල්ල එකට දමා ලිප තබා උතුරන විට ගින්දර අඩු කර ඉස්‌ම හිඳිගෙන එන විට මිටි කිරි දමා සිඳුවාගන්නත.

කොලෙස්‌ටරෝල්, සීනි අසනීප ඇති අයට මෙය ගුණදායකයි. මාසයකට තුන්වරක්‌ පමණ කෑමට ගන්න. තරබාරු බවින් පීඩා විඳින අයටත් හොඳයි. ස්‌ථුල බව පාලනය කරයි.

අවුරුදු සංග්‍රහයට කැවුම් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

කොණ්‌ඩ කැවුම් 5

කිරි ලීටර් 1/2

පැණි කෝප්ප 1

කස්‌ටඩ් පවුඩර් තේ හැඳි 2

වැනිලා තේ හැඳි 1/2

සාදන ක්‍රමය

කිරි ලිප තබා උතුරන විට ගින්දර නිවා කස්‌ටඩ් පවුඩර් දියකර දමා හොඳින් කලවම් කර පෙරාගන්න. කැවුම් කුඩාවට කපා එයට මිශ්‍ර කර භාජනයකට දමා ශීතකරණයේ තබන්න.

තෙල්, සීනි අඩුකරන්නට ඉදුනු වරකා කොළ බීම

ඉදුනු වරකා කොළ සෝදා පවනේ වේලා අතින් පොඩි කර බෝතලයක අසුරා තබන්න. වතුර උණු කර, කුඩු කරගත් වරකා කොළ තේ හැඳි එකක්‌ දමා තේ තම්බාගන්නා ලෙස වත්කර පානයට ගන්න. දිනකට දෙවරක්‌ පානය කළ යුතුයි.

කොලෙස්‌ටරෝල්, සීනි පාලනයට ඉතාම සුදුසුයි.

Monday, March 15, 2010

නිවසක්‌ සෑදීමේදී සැලකිලිමත් විය යුතු දේ



ගෙබිමක්‌ තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

* ඉඩම නිරවුල් ඔප්පු සහිත වීම

* උස්‌ බිමක්‌ විය යුතුය - දිය සීරාව රඳන බිම් නුසුදුසුය.

* අවට පරිසරය - කර්මාන්ත ශාලා, වෙළඳපළ සොහොන් පිට්‌ටනි වගුරු බිම් ආශ්‍රයේ ගෙවල් තැනීම නුසුදුසුය.

* තමන්ගේ ජීවන රටාවට සුදුසු පරිසරයක්‌ විය යුතුය. - මුඩුක්‌කු නිවාස අසල විශාල උසස්‌ ආර්ථික තත්ත්වයේ නිවසක්‌ සෑදීම නුසුදුසුය.

* හැකි තරම් අනාගතයේ දියුණුවීමට ඇති ප්‍රදේශයකින් බිමක්‌ තෝරා ගත යුතුය.

* පහසුකම් හැකිතාක්‌ දුරට ලබා ගත හැකි බිමක්‌ විය යුතුය. උදා - ජල, මාර්ග ප්‍රවාහන, විදුලිය

* ඉඩමේ දිග, පළල හා පිහිටි අත නිවසේ සැලසුමට ගැලපිය යුතුය.

* පලාත් පාලන ආයතනවලින් බලපෑම් ඇති කළ හැකි ඉඩමක්‌ නොවිය යුතුය
උදා - පාරවල් පළල් කිරීම

* ස්‌වභාවික සෞන්දර්ය උපරිමයෙන් භුක්‌ති විඳිය හැකි ඉඩමක්‌ විය යුතුය.

* ගෙබිමට හොඳින් හිරු එළිය හා වාතාශ්‍රය ලැබිය යුතුය.

* වැය කරන මුදලට උපරිම ප්‍රයෝජනයක්‌ ලැබිය හැකි තැනක බිමක්‌ තෝරා ගත යුතුය.

නිවසකට සැලැස්‌මක්‌ නිර්මාණයේදී බලපාන නීතිමය අවශ්‍යතා

* අවම වශයෙන් පර්චස්‌ 6 ක භූමි ප්‍රමාණයක්‌ තිබිය යුතුය.

* නිවසක ජනෙල් දොරවල් යොදන බිත්තියේ සිට යාබද නිවස අවම වශයෙන් අඩි 71/2 ක්‌ වත් ඈතින් පිහිටිය යුතුය.

* නමුත් කෙලවර බිත්තියට ජනෙල් හෝ දොරවල් නොයෙදේ නම් මායිම දක්‌වා බිත්ති දීර්ඝ කළ හැකිවේ.

* මහා මාර්ගයේ සිට පළාත් පාලන ආයතන මඟින් දක්‌වා ඇති දුරින් නිවස පිහිටුවිය යුතුය.

* ගෘහයේ පිටුපස සිට මායිම දක්‌වා අඩි 10 ක දුර ප්‍රමාණයක්‌ වෙන්කොට තැබිය යුතුය

* නිදන කාමරයක ප්‍රමාණය අවම වශයෙන් වර්ග අඩි 120 ක්‌ වත් විය යුතුය.

* කාමරයේ ප්‍රමාණයෙන් 1/7 ක්‌ ජනේල් සඳහා වෙන්කළ යුතුය.

* කාමරවල ප්‍රමාණයෙන් 1/15 ක්‌ දොරවල් සඳහා වෙන් කළ යුතුය

* වහලෙහි උස සිවිලිමේ සිට අඩි 9 1/2 ක්‌ පමණ උසින් පිහිටිය යුතුය.

* ප්‍රාදේශීය සභාවෙන් වීථි රේඛා සහ නොපවරා ගැනීමේ සහතිකයක්‌ ලබා ගත යුතුය.

ගොඩනැගිල්ලක සැලැස්‌ම අනුමත කරගැනීම සඳහා නගර සභාවට හෝ ප්‍රාදේශිය සභාවට භාරදිය යුතු ලිපි ලේඛන

01 ගොඩනැගිලි අයදුම් පත්‍රයක්‌ අදාළ මුදල් ගෙවා කාර්යාලයෙන් ලබා ගත යුතුය.

අයදුම්පත්‍රය විධිමත් පරිදි සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතුය.

හිස්‌තැන් නොතබා අදාළ නොවේ යන්න සටහන් කිරීම සුදුසුය.

සුදුසුකම් ලත් පුද්ගලයා විසින් සහතික කොට අත්සන් කළ යුතුය.

අයිතිකරු අත්සන් කළ යුතුය

අයදුම්පත්‍රය භාරදෙන විට වර්ග අඩි ප්‍රමාණයට අනුව පරික්‌ෂණ ගාස්‌තු ගෙවිය යුතුය.

02 නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබාගත් මූලික සැලසුම් නිරාකරණ ලිපිය පිටපත් 02 න්

එම ලිපිය නිකුත් කළ දින සිට එක්‌ වර්ෂයකට පමණක්‌ වලංගු වන බැවින් වලංගු කාලය නොඉක්‌මවිය යුතුය.

මුලික සැලසුම් නිරාකරණය ඉඩම් අනු බෙදුම් කළ යුතු බවට කොන්දේසියක්‌ ඇත්නම් ඒ සඳහා ද අයදුම්පත්‍රයක්‌ ඉදිරිපත් කළ යුතුය.

03 අයිතිය සනාථ කරන ලියකියවිලි

ඔප්පුව - පිටපත් 02 න්

ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ අදාළ ඉඩම් පැවරුන පිළිවෙල පිළිබඳ ලේඛන වාර්තාවේ සහතික පිටපත්

වාර්ෂික බලපත්‍රයක්‌ නම්, බලපත්‍රධාරියා නමින් අයදුම් කළ යුතුය

04 ඉඩමේ මිනින්දෝරු සැලැස්‌ම පිටපත් 03 න්

බලයලත් මිනින්දෝරුවකු විසින් පිළියෙල කළ මානක සැලැස්‌මක්‌ විය යුතුය

අනුරේඛන සැලසුම් වලංගු නොවේ

05. වරිපනම් ලදුපත - පිටපත් 01

අයදුම්කරු නමින් වරිපනම් බදු හෝ අක්‌කර බදු ගෙවූ පෙර වර්ෂයේ හෝ පවතින වර්ෂයේ වරිපනම් ලදුපත් ඉදිරිපත් කළ යුතුය

අයදුම්කරු නමින් නොමැති ලදුපත් භාර නොගැනේ. එවන් අවස්‌ථාවල අයදුම්කරු නමින් වරිපනම් ලේඛනයේ නම් සංශෝධනය කර ගැනීමට නාගරික ගණකාධිකාරීගෙන් විමසිය යුතුය.

යමුනා කුමාරි මහානාම
සහකාර අධ්‍යක්‍ෂ (ගෘහ ආර්ථික විද්‍යාව)
කැලණිය කලාපය

නැන්දම්මා - ලේලිය ගැටුමට ෆෙං - ෂුයි පිළියම්

ඇඳ පෙනෙන හැටියට නිදන කාමරයේ කණ්‌ණාඩි එල්ලන්න එපා

නිදන කාමරයේ ජලය තියන්න එපා

ඇඳ පෙනෙන හැටියට නිදන කාමරයේ කණ්‌ණාඩි එල්ලන්න එපා.

ප්‍රධාන දොරේ දකුණු පැත්තෙන් ජලය තියන්නත් . හොඳ නැහ .නිරුවත් හෝ අඩ නිරුවත් කාන්තා රූප කාමරයට සුදුසු නැහැ.

පියෝනි මල් නිදන කාමරයේ තියාගන්න එපා.

මේ හැම ෆෙංෂුයි උපදෙසක්‌ම ලබාදෙන්නේ අඹු සැමි යුවළ අතරට තවත් කෙනෙක්‌, ඒ කියන්නේ තුන්වැන්නෙක්‌ ඒම වළක්‌වා ගන්නයි. මෙතැනදී තුන්වැන්නා විදිහට අදහස්‌ කරන්නේ සැමියාගේ සිත දිනා ගැනීමට අදහස්‌ කරන කාන්තාවක්‌. එහෙම නැතිනම් බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක්‌ ඇතිකර ගැනීමට උත්සාහ කරන පුරුෂයෙක්‌. නමුත් ඒ ප්‍රශ්න ඇතිවෙන්නේ පිටස්‌තර තුන්වැන්නෙක්‌ නිසානේ. ගෙදරම ඉන්න තුන්වැන්නෙක්‌ විවාහය අතරට ආවොත් තත්ත්වය හුඟක්‌ අසීරු වෙනවා. බරපතල වෙනවා. නැන්දම්මා ලෙලිය ප්‍රශ්නයත් ඒ වගේ දෙයක්‌. නැන්දම්මා තුන්වැනි පාර්ශ්වය විදිහට ගේ ඇතුලේ ඉඳගෙනම පුතාගේ විවාහ ජීවිතයට මැදිහත් වෙන්න උත්සහ කරනවා. මේක අතීතයට අයිති පරණ ප්‍රශ්නයක්‌ විදිහට සමහරු හඳුන්වනවා. එහෙම වෙනවා නම් ඉතාම හොඳයි. නමුත් අවාසනාවකට වගේ අද කාලයේත් බොහෝ ගෙවල්වල නැන්දම්මා සහ ලේලිය අතර තියෙන්නේ සීතල යුද්ධයක්‌. නැද්දම්මා ලේලිය දිහාත්, ලේලිය නැන්දම්මා දිහාත් බලන්නේ තමන්ට අභියෝග කරන්න ආව සතුරෙක්‌ දිහා බලනවා වගේ. ඒ වගේම තමන්ගේ පුතා තමන්ට නෙවේ වෙනත් ගැහැනියකට සමීප වෙලා ඉන්නවා සිතින් ඉවසන්න සමහර කාන්තාවන්ට බැහැ. හේතුව හා ස්‌වභාවය මොකක්‌ වුණත් නැන්දම්මා ලේලිය ගැටුම් සිත ඇතුලෙන්වත් දුරදිග යවන්න නරකයි. ඒකේ අවසාන ප්‍රතිඵලය හුඟක්‌ අමිරිහි එකක්‌ වෙන්න පුළුවන්.

නිවසක ඇතිවෙන්න පුළුවන් මේ තත්ත්වය මගහරවා ගන්න. ෆෙංෂුයි පිළියම් තිබෙන බව ඔබ මෙතෙක්‌ නොදැන සිටින්නට ඇති. කොහොම වුණත් මේ මොන ෆෙංෂුයි පිළියම වුණත් අත්හදා බලන්න කලින් නැන්දම්මාගේ හෝ ලේලිය දෙදෙනාගෙන් එක්‌ අයෙකුගේ ආකල්පවල වෙනසක්‌ නම් අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුමයි. මේ දෙන්නාගෙන් කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය විස¹ ගන්නට සැබෑ වුවමනාවක්‌ තිබිය යුතුයි. ඒ කැපකිරීම , පවුල් ජීවිතයේ සමගිය වෙනුවෙන් කරන්න ලැහැස්‌ති අය විතරක්‌ මේ උපදෙස්‌ පිළිපදින්න. අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රශ්නය එතකොට විසඳෙනවා.

මුලින්ම ( සාලයේ නිරිත දිග මුල්ල දීප්තිමත් ආලෝකයක්‌ දල්වා එළිය කරන්න. මේ මුල්ලේ ලේලියත්, නැන්දම්මාත් සතුටෙන් සිනහවෙමින් සිටින ප්‍රීතිමත් ඡායාරූපයක්‌ එල්ලන්න. එය තරමක්‌ ලොකු ඡායාරූපයක්‌ නම් වඩා හොඳයි. මේ පින්තූරය දකින විට ඔවුන් දෙදෙනාටම ඔවුන් අතීතයේ විවාහ වී පති කුලයට ආ මුල් දිනයේ ගරුත්වය මුසු ප්‍රීතිමත් ජීවිතය සිහිවෙනවා. නැන්දම්මා සහ ලේලිය ඒ දිනවල එකිනෙකාට කොතරම් ගරු කළාද, සැලකුවාද යන කරුණ මෙහිදී ඉස්‌මතු විය යුතුයි.

ඊළඟට ( සාලයේ නිරිත දිග මුල්ලේ මේසයක්‌ තබා ඒ මත පළිඟු බෝල දෙකක්‌ තබන්න. මෙයින් භූමි ශක්‌තිය පස ධාතුව සක්‍රීය වෙනවා.. එය නැන්දම්මාගේත් ලේලියගේත් බැඳීම තවදුරටත් ශක්‌තිමත් කරයි. මෙය පහසුවෙන් දෙදෙනාගේම ඇස ගැටෙන පරිදි තැබිය යුතුයි. මුනුබුqරන් හා මිනිබිරියන් යෑන්ග් ශක්‌තිය විහිදුවන ඉතාම සුබ කරුණක්‌ වේ. නිවසක මුනුබුරන් හා මිනිබිරියන් සතුටෙන් සිටියි නම් එහි නැන්දම්මා ලේලියගේ අඩ දබර හීන වේ.

දිගින් දිගටම නිවසේ අඩ දබර ඇතිවේ නම් බිත්තියක්‌ රතු පාටින් පාට කරන්න. සිතේ සිරකරගෙන සිටින තරහ ක්‍රෝධය වැනි සිතුවිලි ගින්දර ධාතුවේ බලයෙන් ඉවත් කළ හැකියි.

ලට්‌ට ලොට්‌ට හෙවත් අනවශ දෑ නිවසට අහිතකරයි එයට විසඳුම් ලබන කලාපයෙන් බලමු.

ෆෙංෂුයි පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රථම
උපදේශක ජාත්‍යන්තර උපාධිධාරිනි
විශේෂඥ උපදේශිකා
තිලංගනී හේරත්
සටහන - චමිලා රසාදරී