කාන්තා ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් ව්‍යහයක් ලෙස ගැබ්ගෙල හඳුන්වාදිය හැකියි. මෙය වෛද්‍ය විද්‍යාව තුළ සර්වික්‌ස් ලෙස හඳුන්වයි. යෝනි මාර්ගයේ තිබෙන සම්බන්ධතාවය ගර්භාෂය කරා යොමුවන්නේ ගර්භාෂයේ පහළ කොටස වන ගැබ්ගෙල හරහා ය. මෙය සෙන්ටිමීටර් 2-5 අතර දිගකින් යුක්‌ත වේ.
ගැබ්ගෙලෙහි ඇති මාංශ පේශී ගර්භාෂයේ පිහිටි මාංශ පේශීවලට වඩා වෙනස් වන අතර එහි ඇති ඉලාස්‌ටින් පටක ඉතා ඝනකමින් යුක්‌ත වේ.
ගැබ්ගෙල මගින් සංසර්ගයේදී යෝනි මාර්ගයේ තැන්පත් වන ශුක්‍රාණු ගර්භාෂය කරා යොමු කිරීමට මෙන්ම නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් ඇති ශුක්‍රාණු ගර්භාෂය වෙත යොමු කිරීමට ද වැදගත් වේ.
ශුක්‍රාණු යොමුවීමෙන් පසු සංසේචනයෙන් ඇතිවන ප්‍රතිඵලය නිරෝගීවන්නට සුදුසු වාතාවරණය තීරණය කරන්නෙත් ගැබ්ගෙලෙහි පවතින මියුකස් ලෙස හඳුන්වන ස්‍රාවය මගිනි.
එමෙන්ම ඔසප්වීම සිදුවී ගර්භාෂය තුළ වන රුධිර වහනය පිටතට එනු ලබන්නේ ද ගැබ්ගෙල හරහා ය. කලාතුරකින් ගර්භාෂයේ තිබෙනා ඇතැම් රෝග තත්ත්වයන් ද ගැබ්ගෙලෙහි ද ඇති වේ.
උදාහරණයක් ලෙස ගර්භාෂයේ හටගන්නා ෆයිෙඩ්‍රායිඩ් වැනි ගෙඩි වර්ග ගැබ්ගෙලෙහි ද ඇතිවිය හැකියි. මෙවන් රෝග ගැබ්ගෙලෙහි හටගත් විට සාමාන්‍ය ප්‍රසූතියක් මගින් දරුවන් බිහිවීමේදී අපහසුතා ඇතිවෙන්නට ඉඩ ඇත.
එමෙන්ම ගර්භාෂයේ ඇතිවන ඔසප්, යෝනි මාර්ගයට ඒමේදී බාධා ඇතිවිය හැකියි.
ගැබ්ගෙලෙහි ඇතිවන දරුණු සෞඛ්‍ය ගැටළුව වන්නේ ගැබ්ගෙල පිළිකාය. වාසනාවකට මෙන් ගැබ්ගෙලෙහි ඇතිවන පිළිකා පූර්ව පිළිකා තත්ත්වය යටතේ හඳුනා ගත හැකියි. මේ සඳහා වෛද්‍යවරුන් විසින් පැප් පරීක්‍ෂණය භාවිත කරයි.
ඊට අමතරව HPV වෛරස පරික්‍ෂා මඟින් පවා ගැබ්ගෙල පිළිකා ඉතා මූලික අවස්‌ථාවේ දී සොයාගත හැකියි.
මේ වනවිට ලංකාවේ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වලක්‌වා ගැනීම සඳහා HPV වෛරසය සඳහා ලබාදෙන එන්නත ඉවහල් වී ඇත. මෙම එන්නත ලබාගැනීමෙන් ගැබ්ගෙල පිළිකාවලින් වැඩි ප්‍රතිශතයක් වලක්‌වා ගත හැකියි. විශේෂයෙන් විවාහ නොවූ කාන්තාවන්ට සහ දියණියන්ට මේ හැකියාව ලැබී ඇත.
ගැබ්ගෙල මත සිදුකරනා විවිධ ශල්‍යකර්ම ගැබ්ගෙල පිළිකාවලදී ඇතිවන පූර්ව පිළිකා තත්ත්ව සහ ගැබ්ගෙලෙහි ඇතිවන ෆයිඩ්‍රායිඩ් වැනි ගෙඩි, මස් වැදලි වැනි තත්ත්ව කාන්තාව ශල්‍ය කර්මවලට භාජනය කිරීමේදී ඉතා විමසිලිමත් විය යුතු තත්ත්වයන් වේ. මෙසේ කළ යුත්තේ කාන්තාවන්ගේ සඵලතාවය ආරක්‍ෂා කරගත යුතු නිසාය.
ගර්භනී තත්ත්වයට පත් වූ කාන්තාවන්ට ගැබ්ගෙලෙහි දිග වැදගත් වන්නේ ගබ්සාවලින් වැලකීම සඳහාය. විශේෂයෙන්ම ගැබ් ගෙලෙහි දිග ඉතා වැදගත් වන්නේ "ප්‍රී මැචුවර් බර්ත්" හෙවත් මාස 9 කට අඩු දරු උපත් සිදුවීම වලක්‌වා ගැනීම සඳහා ය.
ගැබ්ගෙලෙහි ඇතිවන ලිහිල් බව සහ ගැබ්ගෙලෙහි ඇති වෙනත් අඩුපාඩුකම්වලින් මිදීම සඳහා වෛද්‍යවෙරුන් විසින් ගැබ්ගෙලට මැහුමක් යොදන අතර එය "සර්වයිකල් සූචර්" නැතහොත් "ශිරෝත්කා සූචර්" ලෙස හඳුන්වයි. මෙසේ කිරීමෙන් ගැබ්ගෙලෙහි ඇතිවන ලිහිල් තත්ත්වය මඟහරවා ගත හැකියි.
අද වනවිට ගැබ්ගෙලෙහි ඇතිවන පූර්ව පිළිකා තත්ත්වයන් සොයා ගැනීම සඳහා "කොල්පොස්‌කොපි" නමැති පරීක්‍ෂණය භාවිත කරන අතර ඒ මඟින් ගැබ්ගෙලහි පූර්ව පිළිකා තත්ත්වය තිබෙනා ස්‌ථානය හරිහැටි හඳුනා ගත හැකිය. මේ තුළින් විශාල ශල්‍යකර්මයක් නොකොට සුළු ශල්‍යකර්මයක් මඟින් මෙවැනි පිළිකා තත්ත්වයන් ඉවත් කර ගත හැකියි.
ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
නලින්ද රොද්‍රිගු
Monday, December 13, 2010
Sunday, December 5, 2010
සම අතුල්ලන්නේ බලාගෙන !
මුහුණේ සම සහ සිරුරේසම ස්‌ක්‍රබ් කිරීම සුදුසුද?
ස්‌ක්‍රබ් යන වචනයේ තේරුම වන්නේ යම්කිසි රළු දෙයක්
භාවිත කරමින් තදින් ඇතිල්ලීමයි. අපේ සමේ ව්‍යqහය පිළිබඳ සලකා බැලීමේදී අපිචර්මයේ ඉහළම කොටස අපි විද්‍යාත්මක ලෙස කොරොස්‌ථරය ලෙස හඳුන්වයි. මෙය ඉතාම මෘදු සැඟවූ වලවල්, හිල් නොමැති සුමට ස්‌ථරයකි. ස්‌ක්‍රබ් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ යම්කිසි තැනක කුණුවැනි ද්‍රව්‍ය බැඳී පවතී නම් ඒවා ඉවත් කිරීමකි. උදාහරණයක් වශයෙන් ලිපේ තියන ලද බඳුනක යම් කිසි වෑංජනයක් පතුලේ බැඳී තිබෙනවා නම් එය ඉවත් කිරීමට ඝන ද්‍රව්‍යයකින් අතුල්ලයි. ස්‌ක්‍රබ් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ එවැන්නකි. නමුත් අපේ සමේ එවැනි දෙයක් සිදුවිය නොහැකියි. සමෙහි කුණු, දහදිය, වෙනත් අපද්‍රව්‍ය සමට තදින් ඇලී තිබීමක් හෝ බැඳී තිබීමක් සිදුනොවේ. එය වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු කර තිබේ. එම නිසා ස්‌ක්‍රබ් එකක් හෙවත් ඝන ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමක් අපේ සමට කිසිවිටෙකත් අවශ්‍ය නොවේ. එය ඉතාම වැරදි ක්‍රියාවකි.
බොහෝදෙනා ස්‌ක්‍රබ්කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ මැරුණු සම ඉවත් කර ගැනීමයි. මෙහි සත්‍යතාවක් තිබෙනවාද?
මැරුණු සම ස්‌වභාවිකවම ඉවත් වේ. එය අමුතුවෙන් ඉවත් කිරීමක් අවශ්‍ය නොවේ. මැරුණු සම ඉවත් කිරීම සඳහා ස්‌ක්‍රබ් කිරීම මඟින් ඊටත් වඩා හානියක් සමට වන බව බොහෝ තරුණියන් නොදනියි. මෙය මානසික ඇබ්බැහිවීමක් ලෙස හඳුන්වාදිය හැකියි. ස්‌ක්‍රබ් කිරීම මඟින් අපේ සම අසාමාන්‍ය ලෙස උද්දීපනය වීමක් සිදුවේ. සම උද්දීපනයවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇමලොයිඩ් නමැති රසායන ද්‍රව්‍ය සම මතුපිට තැන්පත්වීමට පටන්ගනී. ඇමලොයිඩ් නමැති රසායන ද්‍රව්‍ය කළුපාට ස්‌ථරයක් වශයෙන් සම මතුපිට තැන්පත් වේ. මෙය සියලුදෙනාටම සිදුනොවුනත් ඇතැමෙකුට සිදුවන තත්ත්වයකි. ඒ සඳහා ජානමය බලපෑමක් ද තිබේ. පරම්පරාවෙන් පරම්පරාවට ඇමලොයිඩ් නිපදවීමේ හැකියාව ගමන් කරයි. මෙවැනි කෙනෙකු සම ස්‌ක්‍රබ් කිරීමේදී ඇමලොයිඩ් ස්‌ථරයක් සම මතුපිට තැන්පත් වේ. ඇතැමෙකුට මෙය බිබිලි ආකාරයට ඇති වේ. එය අපි ලයිකන් ඇමලොයිඩෝසිස් ලෙස හඳුන්වයි. තුනියට සම මතුපිට ඒකාකාර ස්‌ථරයක් ලෙස ඇතිවන ඇමලොයිඩ් අපි මැකියුලර් ඇමලොයිඩෝසිස් ලෙස හඳුන්වමු. කුමන ක්‍රමයකට හෝ ඇමලොයිඩ් නමැති රසායනිකය සම මතුපිට තැන්පත්වීමේදී ඒවා ඉවත් කිරීම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. ප්‍රතිකාර කළ ද ඉතා සාර්ථක ප්‍රතිචාර නොදක්‌වයි. ප්‍රතිකාර මඟින් පැහැය අවම කරගැනීම පමණක් කළ හැකියි.
ස්‌ක්‍රබ් කිරීම මඟින් සමට ඇතිවන තවත් අහිතකර ප්‍රතිඵල තිබේද?
ස්‌ක්‍රබ් කිරීම මඟින් සම මතුපිට ඇති සමට හිතකර සහ අවශ්‍ය වන බැක්‌ටීරියා වර්ග ඉවත් වීමක් සිදුවේ. සමට හිතකර බැක්‌ටීරියා මඟින්, ශරීරයට බාහිරින් ඇතුළුවන අහිතකර බැක්‌ටීරියාවන් සහ දිලීර වර්ග ඇතුළුවීම වලක්‌වයි. දිගින් දිගට සම ස්‌ක්‍රබ් කරන්නට යාමෙන් සමෙහි පවතින ස්‌වභාවික ආරක්‍ෂක යාන්ත්‍රණය දුර්වල වේ. එයින් අපට හානියක් සිදුවේ. සම රළු ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමෙන් හැමවිටම අවාසියක් මිස වාසියක් සිදුනොවන බව රූපලාවණ්‍ය ක්‍රම පිටුපස දුවනා යුවතියන් සහ වැඩිහිටි කාන්තාවන් දැන සිටීම ඉතා වැදගත් වේ.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

මොකක්‌ද මේ ආඝාතය
සෑම හයදෙනෙකුගෙන්ම එක් අයෙකුට අවදානම ගෙනෙන ආඝාතය ඔබගෙන් සමහරෙක් තව ම හිතනවා ඇති. ආඝාතය කියන්නේ රෝගී තත්ත්වයක්. සෑම හය දෙනෙකුගෙන්ම එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ මෙම රෝග තත්ත්වයට ගොදුරු විය හැකි බව සොයාගෙන තිබේ.
ආඝාතය යනු රෝග ලක්‌ෂණ රාශියකින් සමන්විත වූ බෝ නොවන රෝග ගණයට අයත් වන රෝගයක්. සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි අංශභාගය ලෙස හඳුන්වන්නෙත් මෙයයි. මෙහි රෝග ලක්‌ෂණ ලෙස ශරීරයේ සිදුවන අසාමාන්‍යතාවන්, සුළු හිරිවැටීමක් වැනි දේ පෙන්වා දෙන්න පුළුවන්. ආඝාතය නිසා මරණය පවා සිදුවිය හැකියි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්‌තෝබර් 29 වෙනිදා ලෝක ආඝාත දිනය (උදරකා sඑරදනැ daහ) ලෙස නම් කර තිබේ. ලෝක ආඝාත සංවිධානය මඟින් බලාපොරොත්තු වන්නේ රෝග තත්ත්වය හරි හැටි හඳුනාගැනීම, ප්‍රතිකාර මඟින් රෝග නිවාරණය සහ එවැනි රෝගීන් පුනරුත්තාපනය කිරීම සහ දීර්ඝකාලිනව උදව්කිරිමයි.
අපගේ මොළයට රුධිරය සපයන රුධිර වාහිනී ජාලගතව පවතින අතර විවිධ හේතු නිසා මෙම රුධිර නාල තුළ ශරීරයට අහිතකර මේද වර්ග ලෙස හඳුන්වන කොලෙස්‌ටරෝල් තැන්පත්වීමෙන් එම නාල අවහිරවීම හෝ රුධිරය ගමන් ගන්නා සිදුර කුඩාවීමක් වේ.
මෙහිදී රුධිර වාහිනී අවහිරවීම නිසා මොළයේ සමහර කොටස්‌වලට රුධිර සැපයීම අඩුවීම හෝ නතරවීම විය හැකියි. මෙවැනි කෙනෙකුට ආඝාතය ඇතිවිය හැකියි. මෙම ආකාරයට සියයට අසූපහක් පමණ ආඝාතයට ගොදුරු වේ.
රුධිර වාහිනි අවහිර වූ ස්‌ථාන දුර්වල වී පුපුරා යාමෙන් මොළයේ ඇතිවන රුධිරවහනය නිසාද ආඝාත තත්ත්වය ඇතිවේ. මෙවැනි තත්ත්වයට ගොදුරු වන්නේ රෝගින්ගෙන් සියයට පහළොවක ප්‍රමාණයකි.
මේ සියලු අවස්‌ථාවලින් සිදුවන්නේ මොළයේ යම් කොටසක ක්‍රියාකාරිත්වයට බාධා පැමිණිම හෝ අඩපණ වීමයි. අපගේ ශරීරයේ සියලු කොටස් පාලනය කිරීම සඳහා විවිධ වූ විශේෂිත අංශ අපගේ මොළය තුළ වේ. මොළයේ එක් එක් කොටසේ සිදුවන රුධිර නොලැබීම නිසාවෙන් එම කොටස මඟින් පාලනය කරන ශරීර අංගයේ අවයව, ඉන්ද්‍රියන් දුර්වලවීම එසේත් නොමැති නම් පණ නැතිවීම වේ.
මෙම රෝගයේ අවස්‌ථා 02 ක් හඳුනා ගත හැකියි.
සුළු ආඝාත තත්ත්වය
රෝග ලක්‌ෂණ පැය 24 ක් ඇතුළත යථා තත්ත්වයට පත්වුවහොත් එය සුළු ආඝාත තත්ත්වයක් හෝ තාවකාලිකව සිදු වූ රුධිර නොලැබී යාමක් ලෙස හඳුනාගත හැකිය. මෙම රෝගී තත්ත්වයේදී ඉතා ඉක්‌මණින් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මඟින් පූර්ණ ලෙස අංශභාග තත්ත්වය ඇති වීමෙන් මිදිය හැකියි.
සුළු ආඝාතයේ රෝග ලක්‌ෂණ
* අතක පයක හෝ මුහුණේ ඇතිවන හිරිවැටීම
* එකවර ඇතිවී නැතිව යන ක්‌ලාන්ත ගතිය
* කථා කිරිමේ හෝ තේරුම් ගැනීමේ අපහසුතා
* ඇසක සිදුවන පෙනීමේ අඩුවීම හෝ නොපෙනී යාම
* හඳුනාගත නොහැකි හේතුවක් නිසා ඇතිවන තද හිසරදය
* ශරීරයේ සමබරතාව බිඳීයාම
* ඇවිදීමේදී අපහසුතා ඇතිවීම
(මෙම රෝග ලක්‌ෂණ හදිසියේ පහළ වී පැය 24 ක් ඇතුළත ක්‍රමයෙන් නැතිවී යා හැකිය.)
පූර්ණ ආඝාතයේ රෝග ලක්‌ෂණ
* ශරීරයේ අංශයක හෝ කොටසක පණ නැති වී යාම
* ඇස් නොපෙනී යාම
* එක් කනක හෝ කන් දෙකෙහිම ඇති වන ශ්‍රවණ ආබාධ
* සමෙහි ඇතිවන ආසාමාන්‍ය සංවේදනා හෝ හිරිවැටීම
* ඇවිදීමේදී ඇතිවන අපහසුතා
* මුහුණේ හෝ කට පැත්තකට ඇද වී යාම
* හඩ පිටවීම දුර්වල වීම
* හෘදයාබාධ ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවිරහිතවීම
* ශ්වසන අපහසුතා
* සදාකාලික ආබාධිත තත්ත්වය හෝ මරණය (කලින් සුළු ආඝාත ලක්‌ෂණ 1 ක් හෝ කිහිපයක් දීර්ඝ කාලීනව පැවතීම පසුකලෙක පූර්ණ කාලීන ආඝාත රෝගයට හේතු විය හැකියි.
ආඝාතය රෝගය සඳහා
බලපෑ හැකි සාධක
* අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ඉහළයාම
* දුම්පානය
* ගනු ලබන අහිතකර ආහාර වර්ග (ක්‌ෂණික කෑම, විවිධ රසකාරක)
* ශාරිරික ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලින් ඉවත්වීම
* දියවැඩියාව
* ස්‌ථුලතාවය
* මානසික ආතතිය
* වයස්‌ගතවීම සහ ජානගත සාධකයන්
කෙනෙකු වයස්‌ගතවීම සහ පවුලේ කෙනෙකුට කලින් මෙම රෝගය වැළඳී තිබේ නම් ඉහත අපි සඳහන් කළ රෝගවලින් ඉවත්වීම සහ වැරදි පුරුදුවලින් ඉවත්වීම ආඝාතය සෑදීමේ අවධානමෙන් ඔවුන් ඉවත් කරයි. වයස අවුරුදු 60 ඉක්‌ම වූ ජනතාවගේ දෙවැනියට වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ ආඝාත රෝගයෙන් බව පෙන්වා දේ. වසරකට ලෝක ජනගහනයෙන් මිලියන හයකට ආසන්න ප්‍රමාණයක් ආඝාතයෙන් මියයයි.
ආඝාත රෝගය
වලක්‌වා ගැනීම සඳහා
* ඔබගේ රුධිර පීඩනය මැන බලා නියමිත පරාසය තුළ පවත්වා ගැනීම
* දුම් සහ මත්ද්‍රව්‍යවලින් ඉවත්වීම
* ගනු ලබන අහිතකර ආහාර, ක්‌ෂණික ආහාර, සීනි, ලුණු සහ තෙල්වලින් හැකි තරම් ඉවත්වීම, නැවුම් එළවළු, පලතුරු ආහාර වේලට එකතු කර ගැනීම
* ශාරිරික ව්‍යායාමවල යෙදීම
* උසට සරිලන බර පවත්වා ගැනීම
* මනස සැහැල්ලුව තබා ගැනීම
පෙර ආඝාත තත්ත්ව හෝ සුළු ආඝාත ලක්‌ෂණ දැනී තිබෙනවා නම් ඉක්‌මනින් රෝහල කරායාම
මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝග ලක්‌ෂණ පහළ වී රෝහල වෙත පැමිණෙන රෝගියා මොළයේ සී.ටී (Cගඔ) ස්‌කෑන් පරික්‌ෂණයකට භාජනය කරන අතර මෙහිදී රුධිර නාල අවහිරවීමක් ද නැත්නම් නාල පුපුරායාමක් ද යන්න සොයා බලා ප්‍රතිකාර ආරම්භ කෙරේ. මෙම ප්‍රතිකාර කිරිම කරන අතරේ ඔවුන් පුනරුත්ථාපනය කිරිමේ ප්‍රතිකාරයන් ද ආරම්භ කර තිබේ.
ලෝක ආඝාත දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණ මාලාව ඇසුරෙනි.

ගැබිනි මවට ප්‍රෙෂර් නම්..
අධික රුධිර පීඩනය යනු සාමාන්‍ය පුද්ගලයෙකු තුළ සෞඛ්‍ය ගැටළු ගණනාවක් ඇති කළ හැකි තත්ත්වයකි. මෙම තත්ත්වය ගර්භණී කාන්තාවන් තුළ ඇති වූ විට මෙවැනිම සෞඛ්‍ය ගැටළු වඩා තදින් පෙන්නුම් කරයි.
නීරෝගි ගර්භණී කාන්තාවකගේ ගර්භණී සමයේ මැද භාගයේදී ඇයගේ රුධිර පීඩනය ඉහළ යාම බොහෝ විට ගර්භණී සමයට පමණක් සීමා වේ. මෙම තත්ත්වය බොහෝ විට පළමු පිළිසිඳ ගැනීමේදී බහුලව දක්‌නට ලැබේ. මෙම රුධිර පීඩනය වැඩිවීම ගර්භයේ මුල් අවධියේදීම සිදු නොවේ. නමුත් මුල සිටම පූර්ව ප්‍රසව සායනයකට සහභාගි වන මවකගේ මෙම තත්ත්වය මාස 5 ක් පමණ වන විට හඳුනාගත හැකිවේ. මෙයට හේතුව වන්නේ රුධිර පීඩනය වැඩිවීමට පටන් ගැනෙන්නේ මෙම අවධියේදී වීමයි. ඉදිමුම මෙම තත්ත්වයේදී ඇති වන තවත් ලක්‌ෂණයක් වන නමුත් සාමාන්‍ය ගර්භණී තත්ත්වයේදීද ඉදිමුම දැකිය හැකි බැවින් ඉදිමුම ඇති වූ පමණින් අධික රුධිර පීඩනය ඇති බව සැක කළ නොහැක. නමුත් පූර්ව ප්‍රසව සායනයේදී සිදු කරනු ලබන පරීක්‌ෂණ සහ රුධිර පීඩනය මැනීම මෙම තත්ත්වය හඳුනා ගැනීමට ඉතාම වැදගත් වේ.
ගැබ් ගැනීමට පෙර සිටම අධික රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවන්ගේ ද වෙනත් සංකූල තත්ත්වයන් තිබිය හැක. මේ අතරින් බහුතරයකගේ අධික රුධිර පීඩනයට පසුබිම් වූ හේතුවක් නොමැති විය හැක. නමුත් වෙනත් පසුබිම් රෝග ආශ්‍රිතව අධික රුධිර පීඩනය ඇති වන අවස්‌ථා ඇත. එනම් වකුගඩු රෝග, රුධිර නාල ආශ්‍රිත ගැටළු, හෝමෝන ආශ්‍රිත රෝග වැනි තත්ත්වයන්ය. මෙවැනි කාන්තාවන් ගැබ් ගැනීමට පෙර එම රෝග සහ ඒ ආශ්‍රිත අධික රුධිර පීඩන තත්ත්වයන් නිසි ලෙස පාලනය කරගත යුතුය. කෙසේ වෙතත් අධික රුධිර පීඩනය ගර්භණී සමයේදී මවගේ සෞඛ්‍යයට කිහිප ආකාරයකින් අහිතකර තත්ත්වයන් ඇති කරයි.
මවගේ රුධිර පීඩනය වැඩිවීම ස්‌නායු පද්ධතියට ඇති කරන බලපෑම් මගින් ඇයගේ මොළයේ ලේ ගැලීම්, ස්‌නායු ආබාධ, වලිප්පුව වැනි තත්ත්වයන්, සිහිමුර්ජාවීම් පවා ඇති විය හැක. අක්‌ෂි ආබාධ ඇති වීමෙන් අන්ධභාවය ඇති වන අවස්‌ථා ද ඇත. වෙනත් හෘද රෝග, අක්‌මාව ආශ්‍රිත අසාධ්‍ය තත්ත්වයන් සහ වකුගඩුවලට සිදුවන හානීන් ද ඇත.
ගර්භණී සමයේදී ඇති වන අධි රුධිර පීඩන තත්ත්වය හානිකර වන්නේ මවගේ සෞඛ්‍යයට පමණක් නොවේ. ළදරු කළලයට සිදු වන හානිය තවත් බරපතල විය හැක. කළලයේ වැඩීම බාල වීමෙන් අඩු උපත් බරකින් යුත් දරුවන් බිහි වීමට අමතරව නොමේරූ ළදරුවන් ඉපදීමෙන් බොහෝ කරදරකාරී තත්ත්වයන් ඇති විය හැක. මෙම තත්ත්වය තදින්ම ඇති විට කළලයේ වැඩීම අතරමඟ නතර වන අවස්‌ථා ඇත. ඉහත හේතූන් මත පූර්ව ප්‍රසව සායනයන්හිදී කෙරෙන පරීක්‌ෂණ සහ සොයා බැලීම් ඉතා වැදගත් වේ. නිසි කලට ඒවාට සහභාගිවීම මවගේ යුතුකම වේ. සායනයේදී රුධිර පීඩනය වැඩි බව තහවුරු වූ විට රෝහල් ගත කර එය පාලනය කිරීම සිදු වේ. මේ සඳහා බොහෝවිට භාවිත වන්නේ පෙති වශයෙන් ලබාදෙන ඖෂධයන්ය. ඉතා දරුණු ත්ත්ත්වයකදී එන්නත් ලබාදීම සිදු වේ. රුධිර පීඩනය පාලනය වූ පසු රෝහලින් පිට කර සායනයට යොමු කෙරේ. කාර්ය බහුල මවක් නම් රෝහලේ දී ලැබෙන විවේකය වැදගත්ය. මෙම තත්ත්වය ඇති විට මානසික හා කායික විවේකය ඉතා වැදගත්ය. එබැවින් මවකට මෙම තත්ත්වයට ගැළපෙන අයුරින් තම දින චර්යාව වෙනස් කරගැනීම වැදගත්ය. වඩාත්ම වැදගත් වන්නේ තම වෛද්‍යවරයාට ලබා දෙන සහයෝගයයි. දරු ප්‍රසූතියෙන් පසු රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්විය හැක. එසේ වේ නම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ නතර කළ හැක. මේ සඳහා දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු සායනයට පැමිණ වෛද්‍යවරයා මුණගැසීම වැදගත්ය.
ඉදිරි පවුල් සැලසුම් සම්බන්ධව වෛද්‍ය උපදෙස් ද ලබාගත යුතුය.
වෛද්‍ය
චම්පා නෙල්සන්

කුරුලෑවලට නිවසේදී අත් බෙහෙත්
සම වර්ගීකරණය කිරීමේ දී තෙල් සහිත සම ගැන බොහෝ අදහස් දැක්‌විය හැක. තෙල් සහිත සමක බොහෝමයක් දැකිය හැක්‌කේ කුරුලෑ කිවහොත් නිවැරදි යි. එහෙත් ඇතැම් තෙල් සහිත සමක කුරුලෑ නොමැත. කුරුලෑ ඇති සමක ඇති තවත් ලක්‌ෂණයක් නම් හිස් හොරි ද ඇතිවීම ය. හිස්‌හොරි බොහෝ ඇති හිසක තෙල් සහිත මුහුණක් දක්‌නට ලැබීමද, එම සමෙහි කුරුලෑ ඇති වීමද බොහෝ දක්‌නට ලැබේ. අප කුරුලෑවලට ප්‍රතිකාර කරන්නේ නම් හිසකෙස් සේදීමේදී ද වඩාත් සැලකිලිමත් විය යුතුයි. මන්ද අප හිසට කෙලින් ම වතුර දමා සෝදන්නේ නම් ඒවා මුහුණට වැටීමෙන් කුරුලෑ වැඩි වීමද පිට හා පපු පෙදෙසට වැටීමෙන් එම ප්‍රදේශවල කුරුලෑ ඇතිවීමද බොහාවිට දක්‌නට ලැබේ.
ඒ අනුව හිස ශැම්පො දමා සේදීමේදී කෙස් පහලට දමා (හිස බිමට නමා) සේදීමෙන් කුරුලෑ අවම කරගත හැක. මේ සඳහා අපට පහත සඳහන් කෙටි ප්‍රතිකාර කර ගත හැක. තෙල් සහිත සමක කුරුලෑ ඇතිවන හෙයින් මුහුණ සේදීමේදී මද රස්‌නය වතුරින් සේදීම කළ යුතු වේ. අනතුරුව මුහුණ තෙත මාත්තු කළ යුතුවේ. මුහුණෙ කුරුලෑ ඇති විට ස්‌ක්‍රබ් කිරීම නොකළ යුතුවේ. මන්ද ඒ මඟින් කුරුලෑ කැඩී තවත් පැතිරෙන හෙයිනි.
මෙවැනි සමක් පිරිසිදු කිරීම සඳහා සුදු හඳුන් කුඩු තේ හැඳි 2 ක්, කස්‌තුරි කුඩු තේ හැඳි 1/4 ක් පමණ, මී පැණි ස්‌වල්පයක් හා දෙහි බිංදු කීපයක් රෝස වතුරින් මිශ්‍ර කර මුහුණ ආලේප කර විනාඩි 20 කට පමණ, පසුව සෝදා ගැනීම දින 2 කට වරක් කිරීමෙන් කුරුලෑ ඒම අවම කරගත හැකි අතර, කුරුලෑ නිසා මුහුණේ ඇති කලු පැල්ලම් ද අඩු වී යනු ඇත.
මීට අමතරව සිහින්ව අඹරා ගත් කොහොඹ කොළවලට කස්‌තුරි කහ කුඩු තේ හැඳි 1/4 ක් පමණ එකතු කර මුහුණේ ආලේප කර වි.20 කට පමණ පසුව සෝදා ඉවත් කිරීමෙන්ද දින 2 කට වරක් සති 2 ක් පමණ කිරිමෙන් කුරුලෑ අවම කර ගත හැකියි.
තවද කඩල හෝ මුං ඇට පිටි මේස හැඳි 2 කට, මී පැණි හා රෝස වතුර දමා මිශ්‍ර කර මුහුණේa ආලේප කර විනාඩි 20 කට පසුව සෝදා ඉවත් කිරීමෙන් කුරුලෑ අවම කර ගත හැකියි. දිනපතා පිරිසිදු ජලය පානය කිරීමත්, තෙල් සහිත ආහාර නොගැනීමත්, අලුත් එළවලු මෙන්ම පලතුරු දිනපතා ආහාරයට එක්‌කර ගැනීමත් කුරුලෑ අවම කර ගැනීමට පිටුවහලක් වේ.
-රූපලාවන්‍ය ශිල්පිනී ග්‍රේස් සී. ගන්කන්ද

ටිකක් තිත්තයි ඒත් හරිම ගුණයි මාළුවලින් පිළී ගඳ නැති සුප්
ගොටුකොළ පමණ උසස් පලා වර්ගයක් කොළ වර්ග අතර තවත් නැතැයි රාජකීය පණ්‌ඩිත විලියම් අල්විස් සූරීහු "එළවළු ගුණ" නමැති එතුමාගේ ග්‍රන්ථයේ සඳහන් කරති.
වෙළෙඳ පොළෙහි ඉතාමත් ලස්‌සනට රවුම් ගොටු කොළ මිටි දක්‌නට තිබුණද, ගම්බද වැවෙන හීං කොටුකොළ තරම් ඒ ගොටුකොළ ගුණ නැති බවද එතුමා පවසයි. එහෙත් බොහෝ දෙනා සිතන්නේ හීං ගොටු කොළ වල ගුණයක් නැති බවත් ගුණය ඇත්තේ අර ලස්‌සනට වැවුණු ගොටු කොළ බවත් කියාය.
හීං ගොටු කොළවල කොළ අඩුය. රිකිලි හා මුල් බහුලය. මුල් වැඩි නිසා මහ පොළොවෙන් ලැබෙන ධාතු ගුණ එහි වැඩිපුර තිබේ.
හීං ගොටුකොළවල යම් තරමකට තිත්ත රසයක් තිබුණද පෝච්චිවල වවා ගත හැකි පඳුරු ගොටුකොළවල තිත්ත රසය නොමැත.
සංස්‌කෘත වෙද පොත්පත්වල ගොටු කොළවලට දී ඇත්තේ "සරස්‌වතී" සහ මහෞෂධ" යන නම් දෙකයි. එම නම්වලින් ම ගොටුකොළවල ඇති උසස් ගුණය වැටහෙනු ඇත.
ගොටුකොළවලින් ගුණ ලබාගැනීමට නම් එක්‌කෝ අමුවෙන් කෑ යුතුය. නැත්නම් කැඳ සාදා පානය කළ යුතුය. එය වෑHංජනයක් සේ පිළියෙළ කළොත් එහි ඇති ගුණය නැතිවේ.
ගොටුකොළ සියලුම රෝගවලට හොඳ බෙහෙතකි. ඒවා කොටා පෙරා ඉස්‌ම (යුෂ) බීවද හොඳය. නමුත් වැඩි පුර බීවොත් හිසරදය, ක්‌ලාන්තය, කරකැවිල්ල සෑදිය හැකි බවද විලියම් අල්විස් සූරීහු පවසති.
ගොටුකොළ වේලා කුඩු කර තේ වතුර මෙන්ද උණු වතුරෙන් තම්බා පානය කළ හැකිය.
මස් ආහාරයට නොගත්තද මාළු ආහාරයට ගන්නා අය සිටින බව අපි දනිමු.
සැබවින් ම, මාළු පෝෂණ ගුණයෙන් ඉතා අධික බත රසගන්වන කරියක් ලෙසට පෙන්වා දිය හැකිය.
දුප්පත්, පොහොසත් වෙනසකින් තොරව මිලදී ගන්නා මාළුවල වැඩිම ප්‍රොaටීන සහ කැල්සියම් ප්‍රමාණයක් ඇත්තේ කුඩා මාළුවලය.
මාළු අතුරින් කාරල්ලා සහ කටුවල්ලා රෝගීන් සඳහා සුප් පිළියෙල කිරීමට යොදා ගන්නා මාළු වර්ග වන අතර එවැනි මාළු භාවිත කිරීමට විශේෂ හේතුව එහි ඇති වැඩි පෝෂණ ප්‍රමාණය නිසාවෙන් ය.
කාරල්ලා, කටුවල්ලා වැනි මාළු වර්ගයක් භාවිත කරමින් වැඩි පෝෂණයෙන් යුතු සුප් එකක් පිළියෙල කර ගන්නේ කෙසේදැයි බලමු.
ඔබ තෝරාගත් මාළු වර්ගය හොඳින් සෝදා පිරිසිදුකර මැටි බඳුනකට දමා ගන්න. මාළු සුප් බීමට ඇතැම් අය අකමැත්තක් දක්‌වන්නේ එහි ඇති පිළීගඳ නිසාවෙනි. විශේෂයෙන් ම කුඩා දරුවන්ට කොපමණ ගුණ වුවද පිළීගඳ දැනුනොත් එවැනි දෙයක් පොවා ගැනීමට අපහසු වනු ඇත.
පිළීගඳ නොමැතිව මාළු සුප් සාදාගන්නේ කෙසේදැයි බලමු.
ඔබ සෝදා පිරිසිදුකරගත් මාළු හට්‌ටියට සේර ගසක් තලා එක්‌කරන්න. තිබේනම් බේ ලීව්ස් ටිකක් දමා ගොරකා සහ ලුණු එක්‌කර හොඳින් තම්බා ගන්න. කිසිවිටෙකත් බඳුන වසන්න එපා. හුමාලයෙන් පිළීගඳ ඉවත්වන නිසාවෙන් බඳුන විවරකර තම්බා ගන්න.
තැම්බුණු මාළු ලිපෙන් ඉවතට ගෙන හොඳින් පොඩිකර (බ්ලෙන්ඩරයක් තිබේ නම් එය භාවිත කරන්න) සිහින් දැල් සහිත පෙනේරයකින් පෙරාගන්න.
කැරට් අලයක් දෙකක්, අර්තාපල් ගෙඩියක්, බෝංචි කරල් දෙක තුනක් ඉතාම සිහින්ව කපා ගන්න. ළුEනු ගෙඩි කිහිපයක්‌ද ඉතාම සිහින්ව කපා ගන්න. කපාගත් එළවළු සමඟ පෙරාගත් මාළු මිශ්‍රණය එක්‌කර, ගම්මිරිස් ඇට කිහිපයක් දමා ලිපතබා හොඳින් උතුරවා ගන්න. අවශ්‍ය පමණ ලුණු එකතු කර ගන්න.
ගම්මිරිස් ඇට මාළු සුප් එකට එකතු කළ යුත්තේ සුප් එක උතුරන විටය. එයට හේතුව වැඩිපුර තැම්බීමේදී ගම්මිරිස් ඇට පොඩි වී රසයට දැවිල්ලක් එකතුවීම සහ සුප් එකේ වර්ණය වෙනස්‌වන නිසාවෙනි.
ගුණදායක මාළු පිළිබඳ තවත් විස්‌තර විමසා බලමු.
ලේ වඩන මාළු ලෙසින් කෙලවල්ලා බල මාළු හඳුන්වන අතර ඒවායේ උෂ්ණාධිකගතිය පවතින්නේ මාළුවල සමෙහි බව කියවෙයි. පැරණි අය එවැනි මාළුවල සම ඉවත්කර පිසීමට ගත් අතර ආහාරයේදී මාළු සමග පොල් එකතු කර ගත්හ. අද ද එම ක්‍රමය දන්නා අය අනුගමනය කරන අතර නොදන්නා ඔබත් උෂ්ණාධික යයි පවසන මාළු එලෙස පිළියෙල කර ගාගත් පොල් සමඟ ආහාරයට ගන්න.
ප්‍රවීණ සූපවේදිනී
නන්දනී අතුකෝරාළ

මොනවද මේ වායු ගෙඩි
තයිරොයිඩ් හෝමෝන ඌණතාව හඳුනාගැනීමට
තරමක් අපහසු රෝගයකි
වෛද්‍ය ආනන්ද දිසානායක මහ රෝහල, රත්නපුර
මන්ද පරභවතාවය හෙවත් තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් දහසකට හතර දෙනෙකුට පමණ ඇතිවන රෝගී තත්ත්වයකි. මේ සඳහා ඖෂධ ලබාගැනීමට දිනපතා සායනයන්ට පැමිණෙන අතිවිශාල රෝගී සංඛ්‍යාවෙන් මේ බව තහවුරු වේ. රෝගයට ම විශේෂිත රෝග ලක්‍ෂණ විරල අතර ඒවා ඇතිවන්නේද ඉතා සෙමින් බැවින් රෝගය ඇති බව රෝගියාට හෝ පවුලේ අන් අයට දැන ගැනීම ඉතා අසීරුය. රෝග ලක්‍ෂණ ඉතාමත්ම සුළු තත්ත්වයේ සිට මාරාන්තික සිහිමුර්ජාව දක්‌වා විහිදී යයි.
පුද්ගලයකුගේ ගෙල ඉදිරිපස පිහිටා ඇති තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිෂ්පාදනය වී ශ්‍රාවය වන තයිරොක්‌සින් හා ඊට අදාළ හෝමෝන මගින් ශරීරයේ සියලුම සෛල වල පරිවෘත්තීය ක්‍රියාදාමය පාලනය කරනු ලබයි. ශරීරය යන්ත්‍රයක් සේ සැලකුවහොත් එහි වේගය පාලනය කරනු ලබන්නේ තයිරොයිඩ් හෝමෝන මගිනි. ශරීර වර්ධනය, මානසික වර්ධනය මනසේ ක්‍රියාකාරිත්වය සහ සියලුම අවයවයන්හි ක්‍රියාකාරිත්වයට තයිරොයිඩ් හෝමෝන සෘජුවම බලපානු ලබයි.
අයඩීන් අඩංගු හෝමෝනයක් වන තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනයට අයඩීන් අවශ්‍යවේ. එබැවිනුයි මන්ද පරාභවතාවයට අයඩීන් ඌනතාවය එක් හේතුවක් වන්නේ. තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනය හා ශ්‍රාවය වීම ශරීරයට අවශ්‍ය පරිදි පාලනය කරනු ලබන්නේ තයිරොයිඩ් උත්තේජන හෝමෝනය (ඔSH) නමැති පිටියුටරි හෝමෝනය මගිනි. (ඔSH) ශ්‍රාවය මොළය මගින්ද පාලනය වේ. මේ මගින් මොළයට අවශ්‍ය පරිදි තයිරොයිඩ් ග්‍රන්ථියෙහි හෝමෝන පාලනය කරනු ලබයි.
අයඩීන් ඌනතාවය සහ කාලීන තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය ලෝකයේ මන්ද පරාභවතාවය ඇතිවන ප්‍රධානතම හේතූන්ය. එසේම තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන එන්සයිම ඌනතා නිසාද ඉතා මන්දගාමීව රෝග ලක්‍ෂණ ඉස්‌මතුවේ. අයඩීන් අඩංගු ලුණු භාවිතය නිසා ශ්‍රී ලංකාවේ අයඩීන් ඌනතාවය නූතන කාලයේ එතරම් දැකිය නොහැක. එහෙත් එය දකුණු ඇමරිකානු හා අප්‍රිකානු රටවල බහුලව දැකිය හැකිය.
මන්ද පරාභවතාව ඇතිවන රෝගීන්ගේ බොහෝවිට ගලගණ්‌ඩය හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථිය විශාලවීම සිදුවේ. එහෙත් ගල ගණ්‌ඩය ඇති සියලුම අයට මන්ද පරාභවතාවය ඇතිවන්නේ නැත. තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය වැඩි වශයෙන් ඇතිවන්නේ කාන්තාවන්ගේය. ශල්‍යකර්මයක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහ තයිරොයිඩ් ග්‍රන්ථයෙහි ඇතිවන පිළිකාවලට ලබාදෙන විකිරණ ප්‍රතිකාර නිසා ඇතිවන හෝමෝන ඌනතාවය ඇතිවූ විට වෛද්‍යවරුන් විසින් මෙම රෝගීන්ට ජීවිතාන්තය දක්‌වා තයිරොක්‌සින් පෙති වශයෙන් ලබාදෙන බැවින් මන්ද පරාභවතාවක් මෙම රෝගීන්ට ඇති නොවීමට වගබලා ගනු ලැබේ. එහෙත් ඔවුන් ඖෂධ හරියාකාරව නොගන්නේ නම් රෝග ලක්‍ෂණ මතු විය හැක. මන්ද පරාභවතාව නිට්‌ටාවට සුවවන රෝගයක් නොවන බැවින් තයිරොක්‌සින් ඖෂධය ජීවිතාන්තය දක්‌වාම ලබාදිය යුතුය.
ඖෂධ මාත්‍රාව නියමිත පරිදි ලැබේදැයි බලා ගැනීමට මෙම රෝගීන්ගේ රුධිරයේ හෝමෝන අගයන් විටින් විට පරීක්‍ෂා කළ යුතුය.
උපතින්ම තයිරොයිඩ් ඌනතාවය ඇතිව ඉපදීම (Cරුඑසබසිප) ඉතා බරපතල ගැටලු ඇතිකරවන තත්ත්වයකි. කළලයෙහි තයිරොයිඩ් ග්‍රන්ථිය හරියාකාරව වර්ධනය නොවීම හෝ තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනයට අවශ්‍ය එන්සයිම ඇති නොවීම මව අයඩීන් ඌනතාවයෙන් පෙළීම වැනි හේතූන් නිසා මෙම තත්ත්වය ඇතිවේ. මෙසේ තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ඇතිව උපදින ළදරුවන්ගේ කායික හා මානසික වර්ධනය සම්පූර්ණයෙන් දුර්වල විය හැක. ඉතා ඉක්‌මණින් හෝමෝන ශරීරගත කිරීමෙන් ප්‍රතිකාර පටන් නොගත හොත් මන්ද බුද්ධික මෙන්ම ශරීර වර්ධනය අඩපණ වූ දරුවකු බවට පත්වේ. ලෝකයේ උපත් වලින් හාර දහසකට එක් අයෙකු මෙම තත්ත්වයට ගොදුරුවේ. මෙවැනි දරුවන් ඉපදී ටික දිනකින් මුහුණු ඉදිමුණු සුලු ස්‌වභාවයක් ඇතිවීම, උදරය විශාලවීම, දිව විශාලවීම, නාභිය විශාලවීම සහ රක්‌තහීනතාවය වැනි රෝග ලක්‍ෂණ පිළිබිඹු කරයි. ඉතා ඉක්‌මණින්ම රෝග නිශ්චය කළ යුතු බැවින් ඇමරිකාව වැනි රටවල සෑම අලුත උපන් දරුවකුම රුධිර පරීක්‍ෂණයකට භාජනය කරනු ලැබේ.
තයිරොයිඩ් හෝමෝන ඌනතාවයේදී රෝග ලක්‍ෂණ මතුවීමට හේතු දෙකක් නිසා සිදුවේ. ප්‍රථමයෙන් අඩු හෝමෝන නිසා එය ශරීරයේ ක්‍රියාකාරිත්වයට කෙලින්ම බලපායි.
දෙවනුව ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය මන්දගාමීවීම නිසා නොයකුත් අනවශ්‍ය ද්‍රව්‍ය විශේෂයෙන් ග්ලයිකෝස් ඇමයිනෝ ග්ලයිකනොයිඩ් ශරිරයේ නොයෙකුත් පටකවල තැන්පත්වීම සිදුවේ. මේ මගින් පටක වල ඉදිමුණු ස්‌වභාවයක් ඇතිවේ. තයිරොයිඩ් හෝමෝන ඌනතාවයේදී හෘදයෙහි සංකෝචනයන් දුර්වල වන අතර හෘද බිත්ති ඝන වීම සහ කුහර විශාල වීම සිදුවේ. එසේම හෝමෝන ඌනතාවය වැඩිවත්ම හද ගැස්‌මේ වේගය අඩුවේ. මිනින්තුවකට හෘදයෙන් පිටකරන රුධිර ප්‍රමාණය අඩු වන අතර සමහර විට හෘදය වටා ඇති පටලයන් තුළ තරලය එකතුවීම සිදුවිය හැක.
ආහාර මාර්ග පද්ධතියේ සිදුවන වෙනස්‌වීම් නම් ආමාශයේ අම්ල ශ්‍රාවය අඩුවීම, වැඩිවේලාවක් ආහාර ආමාශය තුළ රැඳී තිබීම සහ අන්ත්‍රවල ක්‍රමාකුංචන චලනයන් අඩුවීම ආදියයි. මේ නිසා බොහෝ රෝගීන්ගේ බඩවියලීම සිදුවේ. රුධිරයෙහි කොලෙස්‌ටරෝල් සහ ශරීරයට අහිතකර මේදයන් ඉහළ යැමද ශරීරයට හිතකර මේදයන් අඩුවීමද සිදුවේ. එසේම ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩපණවීමෙන් රුධිරයේ ග්ලුකෝස් මට්‌ටමයෙහි පාලනයෙහි දුර්වලතාවයන්ද ඇතිවේ.
ලිංගික වර්ධනය කෙරෙහි තයිරොයිඩ් හෝමෝන සෘජුවම බලපෑම් ඇති කරයි. ලිංගික පරිණතවීම ප්‍රමාදවීම හෝ සම්පුර්ණයෙන්ම නැතිවීම සහ කාන්තාවන්ගේ ඔසප්වීම අක්‍රමවත්වීම හෝ නතර වීම සිදුවේ. එසේම මඳසරු බව ඇතිවිය හැක. මදසරු කාන්තාවන්ගේ තයිරොයිඩ් හෝමෝන තත්ත්වය පරීක්‍ෂා කර බලන්නේ මේ නිසාය.
මොළය හා ස්‌නායු පද්ධතිය කෙරෙහිද තයිරොයිඩ් හෝමෝන අඩුවීම බලපෑම් ඇති කරයි. මානසික ක්‍රියාකාරිත්වය අඩපණ වන අතර අමතකවීම අවධානය එක් තැනකට යොමුකර සිටීමට නොහැකිවීම, නිදිමත ගතිය ඇතිවීම මානසික කලකිරුණු බව ඇතිවීම, මනසට ඇතිවන වෙනස්‌වීම් දරා ගැනීමට නොහැකි වීම ඉන් සමහරකි. සමහර රෝගීන්ගේ ශ්‍රවණය දුර්වල වන අතර අත්වලට සපයන එක්‌තරා ස්‌නායුවක් මැණික් කටුව අසල තෙරපීම නිසා ඇඟිලිවල හිරි ගතිය ඇතිවේ. ශරීරයේ ශක්‌තිය අඩුවීම, කම්මැලි ගතිය, ආහාර අරුචිය සහ සිරුරේ බර වැඩිවීමද බොහෝ රෝගීන්ගේ ඇතිවේ.
සියයට පනහක් පමණ රෝගීන්ගේ සීතල දරාගැනීමට නොහැකියාව ඇතිවන අතර දහඩීය දැමීම අඩුවේ. දිවා කාලයේදී පවා අධික සීතලක් දැනෙන අතර සමේ ගොරෝසු ගතියක් ඇතිවේ. මුහුණ ඉදිමුණු ස්‌වභාවක් පෙන්නුම් කරයි. අධිකව හෝමෝන ඌනතාවය ඇතිවූවන්ගේ ගාත්‍රා ඉදිමීමට ලක්‌වේ. හිසකෙස් අධිකව ගැලවී යැම, ඇහැ බැමෙහි කෙස් ගැලවී යැම, කටහඬ ගොරෝසු බවක් පෙන්නීම තවත් සමහර රෝග ලක්‍ෂණයන්ය.
අධික ලෙස ඌනතාවය ඇති රෝගීන්ගේ කතා කිරීමේ වේගය සහ ගමන් කිරීමේ වේගය පවා අඩුවේ. මුහුණෙහි හැඟීම් ප්‍රකාශවීම සිදු නොවේ. දිව විශාලවීම නිසා නින්දේදී ගෙරවීමද ඇතිවේ. තවද මාංශ පේශීන්ගේ වේදනාව සන්ධි වේදනාව ඇතිවේ.
ඉහත සඳහන් රෝග ලක්‍ෂණයන්ට අමතරව රෝගියා, පරීක්‍ෂා කිරීමේදී රක්‌තහීනතාව සමෙහි කහ පැහැවීම, නාඩි වේගය අඩුවීම ආදියද සොයා ගත හැකිවේ.
තයිරොයිඩ් හෝමෝaන ඌනතාවය උග්‍රව ඇති රෝගියකුට හදිසියේ වෙනත් කායික රෝගයක් ඇතිවීම හදිසි අනතුරක් ඇතිවීම ශල්‍ය කර්මයකට භාජනය වීම වැනි දේ සිදුවීමේදී ඒවා දරාගත නොහැකිවේ. මෙවැනි අවස්‌ථාවේදී රෝගියාගේ සිහිය නැතිවීම, ශරීරයේ උෂ්ණත්වය පහළ බැසීම රුධිරයේ කාබන් ඩයොක්‌සයිඩ් එකතුවීම සහ රුධිරයෙහි ලවණ ප්‍රමාණයන් වෙනස්‌වීමද සිදුවේ. උදරයෙහි තරලය එකතුවීම වැනිදේ සිදුවිය හැක. මෙවැනි අවස්‌ථාවක රුධිර පීඩනය සහ හෘදයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් රෝගියා මරණයට පත්වීමටද හැක.
ඉහත සඳහන් විස්‌තරයන්ට අනුව පෙනී යන්නේ තයිරොයිඩ් හෝමෝන ඌනතාවය. කිසිම විශේෂිත රෝග ලක්‍ෂණ නොමැති වන අතර කිසිදු රෝග තත්ත්වයක් නොමැති තත්ත්වයේ සිට මාරාන්තික සිහි මුර්ජාව දක්‌වා රෝග ලක්‍ෂණ දිව යා හැකි බවය.
එසේම අප මානසික රෝග ලෙස දක්‌වන කලකිරීම වැනි ආකාරයටද රෝගය ඉස්‌මතු වියහැකි බවය. එබැවින් බැලූ බැල්මට තයිරොයිඩ් හෝමෝන ඌනතාවය හඳුනා ගැනීම ඉතාමත් අපහසුය. ශරිරයේ පිටතට පෙනෙන වෙනස්‌වීම් වුවද සිදුවන්නේ ඉතා මන්දගාමීව බැවින් පවුලේ අයටද රෝගියාගේ වෙනසක් දැකීම අපහසුය.
ඇමරිකා එක්‌සත් ජනපදයේ සියලුම අලුත උපන් දරුවන්ගේ රුධිර සාම්පලය පරීක්‍ෂා කර මෙම තත්ත්වය ඇතිදැයි පරීක්‍ෂා කර බලනු ලැබේ. එසේම ගර්භනී සමයට පෙරද පළමු තුන් මස ඇතුළතද රුධිර පරීක්‍ෂා කර තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ඇතිදැයි බලනු ලැබේ.
රුධිර පරීක්‍ෂණයෙහිදී ඉතාම වැදගත් පරීක්‍ෂණය නම් රුධිරෙයි ඔSH ප්‍රමාණය නිර්ණය කිරීමයි. රෝග ලක්‍ෂණ ඇතිවන විට ඔSH ඉතා ඉහළ මට්‌ටමකට වැඩිවේ. කාලීන තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය නිර්ණය කිරීම සඳහා රුධිරයෙහි නොයෙකුත් ප්‍රතිදේහ මට්‌ටම් පරීක්‍ෂා කරනු ලැබේ. තයිරොයිඩ් හෝමෝන ඌනතාවය හෙවත් මන්ද පරාභවතාවයට ප්‍රතිකාර කිරීම ඉතාම පහසුය. එනම් දිනපතා තයිරොක්‌සින් හෝමෝනය පෙති ආකාරයට ලබාදීමයි. ජීවිතාන්තය දක්‌වාම ඖෂධ ලබාගත යුතු බවත් කිසිම අවස්‌ථාවක ඖෂධ නොනැවැත්විය යුතු බවත් රෝගීන් හට අවබෝධ කළ යුතුය.
එසේම ගර්භනී සමයෙහි සහ වෙනත් රෝගාබාධයකට ලක්‌වූ විට ඖෂධ මාත්‍රාව තරමක් වැඩිකළ යුතුය.

Subscribe to:
Posts (Atom)