Friday, April 16, 2010

පෑන් කේක්‌

අවශ්යක ද්ර ව්ය‍

පාන් පිටි (හලා ගත් ) ග්රෑ ම් 300

බිත්තර 2

නැවුම් කිරි අඬු කොප්ප 3

තෙල් මේස හැඳි 3

ලුණු තේ හැඳි 1/2

බටර් මේස හැඳි 1 1/2

පැණි පොල් මිශ්රහණයට

ගා ගත් පොල් ග්රෑ1ම් 250

පැණි අඩු කෝප්ප 1

කුඩු කරගත් කරඳමුංගු හා කරාබුනැටි තේ හැඳි තේ හැඳි 1/4

සාදන ක්රතමය

01. පිටි, බිත්තර, බටර්, කිරි සහ ලුණු සමඟින් දියාරු මිශ්රසණයක්‌ සකසා ගන්න.

02. භාජනයක්‌ ලිප තබා පැණි දමා පැණි පොල් මිශ්රකණයට අවශ්ය් ද්රශව්යර සියල්ල කලවම් කර සුළු වේලාවක්‌ පිසගන්න.

03. පැතලි සාස්‌පානක්‌ (සෝස්‌ පෑන්) ලිප තබා පිටි මිශ්ර්ණයෙන් ටික ටික එකතු කර රවුම් කර පිටි දවටනය සාදාගන්න.

04. පොල් පැණි මිශ්රකණයෙන් ටික ටික ගෙන මැදට තබා රවුම්කර පෑන් කේක්‌ සකසා ගන්න.

බිස්‌කට්‌ පුඩිං

අවශ්යර ද්රපව්යප

බටර් (ලුණු නැති) ග්රෑයම් 600

මිල්ක්‌ මේඩ් ග්රෑුම් 350

මාරි බිස්‌කට්‌ ග්රෑරම් 250

කොකෝ පවුඩර් ග්රෑකම් 70

කල්කිරි මිලි ලීටර් 500

නෙස්‌කැෆේ තේ හැඳි 2

සාදන ක්‍රමය

01. බටර් හොඳින් දියවෙන්න තබන්න. එයට මිල්ක්‌ මේඩ් ටිකින් ටික දමා කලවම් කරන්න. පසුව කොකෝ පවුඩර් එකතු කරන්න.

02. නෙස්‌කැෆේ උණු වතුරෙන් දියකර නිවෙන්න තබන්න. භාජනයකට කල්කිරි දමා නෙස්‌කැෆේ එකතු කර දිය කරගන්න.

03. මාරි බිස්‌කට්‌ ගෙන කිරි මත පොඟවා ගෙන තැටියක අතුරා ගන්න. එය මත සාදාගත් ක්රීුම් එක තවරා ගන්න.

04. එලෙස තට්‌ටු 6 ක්‌ තවරා ගන්න.

05. ශීතකරණයක පැය 2 ක්‌ පමණ තබා අතුරුපසක්‌ ලෙස ආහාරයට ගන්න.

පෘටි ට්රතයිෆල්

අවශ්යට ද්රයව්ය

බටර් කේක්‌ ග්රෑරම් 200

සීනි ග්රෑිම් 150

පලතුරු කැබලි ග්රෑෑම් 200

ජෑම් ග්රෑබම් 50

කස්‌ටර්ඩ් ග්රෑරම් 40

කිරි මිලිලීටර් 500

ජෙලි පැකට්‌ 1

වතුර අඬු කෝප්ප (උණු කරගත්) 2



සාදන ක්ර මය

01. බටර් කේක්‌ මතට ජෑම් ගා කොටු ආකාරයට කැබලි කපාගන්න.

02. වීදුරු බඳුනකට අතුරා එය මතට පලතුරු කැබලි එකතු කරගන්න.

03. භාජනයක්‌ ලිප තබා කිරි සහ සීනි දමා හැඳි ගා උතුරවා එයට කස්‌ටඩ් පවුඩර් එකතු කර ලිපෙන් බාගන්න.

04. සාදාගත් මිශ්ර ණය කේක්‌ මතට අතුරා ගන්න. (හොඳින් කේක්‌ වැසෙන සේ)

05. හොඳින් නිවෙන තුරු ශීතකරණයක තබා ගන්න.

06. උණු කරගත් ජලයට ජෙලි එකතු කර හොඳින් දියකරගන්න. නිවෙන්න තබන්න.

07. නිවුණු පසු සාදාගත් ෆDDට්‌ එක මතට ජෙලි එකතු කර පැය 2 ක්‌ පමණ ශීතකරණයක තබා පිළිගන්වන්න.

තමාට කැමති පරිදි පළතුරු හෝ චීප් ක්රී ම් එකතුකර අලංකාර කරගත හැක.

චොකලට්‌ මූස්‌

අවශ්ය් ද්රජව්ය‌

කුකින් චොකලට්‌ ග්රෑ‌ම් 375

බටර් (ලුණු නැති) ග්රෑරම් 125

සීනි ග්රෑකම් 125

චීප් ක්රීකම් ග්රෑ2ම් 600

බිත්තර කහ මද 12

බිත්තර සුදු මද 1

වතුර අඬු කෝප්ප 1

සාදන ක්ර මය

01. භාජනයක්‌ ලිප තබා වතුර 1/4 ක්‌ පමණ පුරවා උතුරවා ගන්න.

02. කුඩා භාජනයකට චොකලට්‌ සහ බටර් දමා මිශ්ර් කර උතුරන වතුරෙහි එම භාජනය තබා චොකලට්‌ සහ බටර් දිය කරගන්න. (ඩබල් බොයිල් ආකාරයට)

03. නැවත භාජනයක්‌ ලිප තබා වතුර සමඟ සීනි දමා දියකරගන්න. නිවෙන්න ඉඩ හරින්න.

04. බිත්තර භාජනයකට දමා හොඳින් ගසා දියකරගත් සීනි එකතුකර නැවත කලවම් කරගන්න.

05. චිප් ක්රීජම් හොඳින් ගසා ගන්න.

06. මිශ්රකණ සියල්ල එකට එකතුකර වීදුරු භාජනයකට දමන්න.

07. චොකලට්‌ සූරා උඩින් දමා අලංකාර කරගන්න. ශීතකරණයක තබා ආහාරයට ගන්න.

වටලප්පන්



අවශ්යප ද්රලව්යි

හකුරු (සිහින්ව කපාගත්) ග්රෑම් 750

බිත්තර 10

මිටිකිරි කෝප්ප 2

කජු පියලි මේස හැඳි 2

සාදික්‌කා කුඩු තේ හැඳි 1

වතුර මිලිලීටර් 400

සාදන ක්රිමය

01. භාජනයක්‌ ලිප තබා ජලය සහ හකුරු එකතු කර හොඳින් දිය කරගන්න.

02. ලිපෙන් බා එසැනින් කිරි කෝප්ප 2 එකතු කර නිවෙන්න තබන්න.

03. බිත්තර වෙනම භාජනයකට දමා හකුරු සමඟ නැවත කලවම් කරන්න.

04. මිශ්රරකර ගත් හකුරු මිශ්රමණය පෙරා සාදික්‌කා එකතුකර තැටියකට අතුරා ගන්න.

05. තරමක විශාල භාජනයකට වතුර 1/4 ක්‌ පුරවා වටලප්පන් තැටිය එයට බහා හුමාලයේ තම්බාගන්න. (ඩබල් බොයිල් ආකාරයට)

Wednesday, March 31, 2010

මේ අවුරුද්දේ හිත පිරෙන්න කන්න


පබ්ලිස්‌ සිල්වා ඉදිරිපත් කරයි

ළඟම එන්නේ අප්‍රේල් මාසේ. ඒ කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ලංකාවේ කවුරුත් හොඳට කාලා බීලා සතුටින් ඉන්න කාලේ. මේ සතුටට ස්‌වභාව ධර්මය පුදුම විදිහට අපට සම්පත් සපයනවා.

කජු පුහුලන් කන්න ලැබෙන්නේ මේ අවුරුදු කාලෙදි. කජු පුහුලන් කියන්නේ ඉතාම හොඳ ගුණ කෑමක්‌. ඒත් අපේ අය මේවා කන්නේ නෑ. අවුරුද්දකට වතාවක්‌වත් කන්න ලැබෙන කෑම කන්නේ නෑ.

අවුරුදු කාලෙදිවත් ගෙදර අයට අපේ දේ ගැන හඳුන්වා දෙන්න. කෑම බීම අපට ගැලපෙන විදියට අපේ දේවලින් හදන්න.

කජු පුහුලන්, ජම්බු, පැල මද මේ දේවල් එකතු කරලා රසවත් කෑම හදන්න පුළුවන්. ඒ වගේම කැවුම්, කොකිස්‌ දරුවන්ට හදලා දෙන්න.

හුඟ දෙනෙක්‌ මේ තෙල් කෑමවලට බයයි. කැවුමක්‌, අතිරසයක්‌, කොකිසක්‌, අග්ගලයක්‌ මුං කැවුමක්‌ කෑවේ නැත්නම් ඒ අවුරුද්දෙන් වැඩක්‌ තියෙනවද? දරුවන්ටත් තහංචි දානවා. "හා හා ඕවයේ තෙල්, සීනි වැඩියි කන්න එපා" කියනවා. තෙල්, සීනි තිබුණට කමක්‌ නෑ කන්න.

දේශිය කෑමවල හොඳ සමබරතාවයක්‌ තියෙනවා. තෙල්, සීනි වැඩි කෑමත් එක්‌ක අපි ඒවා අඩු කරන කෑමත් කන්න ඕන. අපි කරන්නේ සීනි, තෙල් කෑම කාලා නිකම් ඉන්න එක. එහෙම කළහම ප්‍රශ්නයක්‌ තමයි. අපි ඕන තරම් කියලා තියෙනවා ගොරකා උයලා කන්න කියලා. කරපිංචා දළු සම්බෝල, කරපිංචා කැඳ මේවා අහන්නේ නෑ.

ඒ හින්දා අද මම ඔබට මෙහෙම කියනවා. මේ අවුරුද්දේ ඔබ හිතේ හැටියට කන්න. ඒ එක්‌කම අපි මේ ඉදිරිපත් කරන කෑම, බීමත් ඒ විදියටම ගන්න. නැතිව හොඳට කාලා හිටියොත් නම් ඵලක්‌ වෙන්නේ නෑ.

ගොරකා මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි කොරකා ග්‍රෑම් 250

විටට කහ හුණු තේ හැඳි 1/2

රතු ළුEනු ග්‍රෑම් 50

අමු මිරිස්‌ කරල් 2

ලියාගත් කරපිංචා තේ හැඳි 1

සුදු ළුEනු බික්‌ 2 (දෙකට පලා මැද ඉවත් කරන්න)

බැදගත් උළුහාල් තේ හැඳි 1/2

කරි කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

මිරිස්‌ කුඩු තේ හැඳි 1/2 (කබලේ බදින්න)

උම්බලකඩ තේ හැඳි 1

ලුණු තේ හැඳි 1/2

දිය කිsරි කෝ. 2

මිටි කිරි කෝ. 1/2

සාදන ක්‍රමය

වතුර කෝප්ප 1/2 ට හුණු කලවම් කර ගොරකාවල දවටා පැයක්‌ තබන්න. එය පිරිසිදු ජලයට දමා පස්‌ වරක්‌ සෝදාගන්න. කැබලි කපාගන්න. මිටි කිරි හැර ඉතිරි සියල්ල එකට දමා ලිප තබා උතුරන විට ගින්දර අඩු කර ඉස්‌ම හිඳිගෙන එන විට මිටි කිරි දමා සිඳුවාගන්නත.

කොලෙස්‌ටරෝල්, සීනි අසනීප ඇති අයට මෙය ගුණදායකයි. මාසයකට තුන්වරක්‌ පමණ කෑමට ගන්න. තරබාරු බවින් පීඩා විඳින අයටත් හොඳයි. ස්‌ථුල බව පාලනය කරයි.

අවුරුදු සංග්‍රහයට කැවුම් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

කොණ්‌ඩ කැවුම් 5

කිරි ලීටර් 1/2

පැණි කෝප්ප 1

කස්‌ටඩ් පවුඩර් තේ හැඳි 2

වැනිලා තේ හැඳි 1/2

සාදන ක්‍රමය

කිරි ලිප තබා උතුරන විට ගින්දර නිවා කස්‌ටඩ් පවුඩර් දියකර දමා හොඳින් කලවම් කර පෙරාගන්න. කැවුම් කුඩාවට කපා එයට මිශ්‍ර කර භාජනයකට දමා ශීතකරණයේ තබන්න.

තෙල්, සීනි අඩුකරන්නට ඉදුනු වරකා කොළ බීම

ඉදුනු වරකා කොළ සෝදා පවනේ වේලා අතින් පොඩි කර බෝතලයක අසුරා තබන්න. වතුර උණු කර, කුඩු කරගත් වරකා කොළ තේ හැඳි එකක්‌ දමා තේ තම්බාගන්නා ලෙස වත්කර පානයට ගන්න. දිනකට දෙවරක්‌ පානය කළ යුතුයි.

කොලෙස්‌ටරෝල්, සීනි පාලනයට ඉතාම සුදුසුයි.

Monday, March 15, 2010

නිවසක්‌ සෑදීමේදී සැලකිලිමත් විය යුතු දේ



ගෙබිමක්‌ තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

* ඉඩම නිරවුල් ඔප්පු සහිත වීම

* උස්‌ බිමක්‌ විය යුතුය - දිය සීරාව රඳන බිම් නුසුදුසුය.

* අවට පරිසරය - කර්මාන්ත ශාලා, වෙළඳපළ සොහොන් පිට්‌ටනි වගුරු බිම් ආශ්‍රයේ ගෙවල් තැනීම නුසුදුසුය.

* තමන්ගේ ජීවන රටාවට සුදුසු පරිසරයක්‌ විය යුතුය. - මුඩුක්‌කු නිවාස අසල විශාල උසස්‌ ආර්ථික තත්ත්වයේ නිවසක්‌ සෑදීම නුසුදුසුය.

* හැකි තරම් අනාගතයේ දියුණුවීමට ඇති ප්‍රදේශයකින් බිමක්‌ තෝරා ගත යුතුය.

* පහසුකම් හැකිතාක්‌ දුරට ලබා ගත හැකි බිමක්‌ විය යුතුය. උදා - ජල, මාර්ග ප්‍රවාහන, විදුලිය

* ඉඩමේ දිග, පළල හා පිහිටි අත නිවසේ සැලසුමට ගැලපිය යුතුය.

* පලාත් පාලන ආයතනවලින් බලපෑම් ඇති කළ හැකි ඉඩමක්‌ නොවිය යුතුය
උදා - පාරවල් පළල් කිරීම

* ස්‌වභාවික සෞන්දර්ය උපරිමයෙන් භුක්‌ති විඳිය හැකි ඉඩමක්‌ විය යුතුය.

* ගෙබිමට හොඳින් හිරු එළිය හා වාතාශ්‍රය ලැබිය යුතුය.

* වැය කරන මුදලට උපරිම ප්‍රයෝජනයක්‌ ලැබිය හැකි තැනක බිමක්‌ තෝරා ගත යුතුය.

නිවසකට සැලැස්‌මක්‌ නිර්මාණයේදී බලපාන නීතිමය අවශ්‍යතා

* අවම වශයෙන් පර්චස්‌ 6 ක භූමි ප්‍රමාණයක්‌ තිබිය යුතුය.

* නිවසක ජනෙල් දොරවල් යොදන බිත්තියේ සිට යාබද නිවස අවම වශයෙන් අඩි 71/2 ක්‌ වත් ඈතින් පිහිටිය යුතුය.

* නමුත් කෙලවර බිත්තියට ජනෙල් හෝ දොරවල් නොයෙදේ නම් මායිම දක්‌වා බිත්ති දීර්ඝ කළ හැකිවේ.

* මහා මාර්ගයේ සිට පළාත් පාලන ආයතන මඟින් දක්‌වා ඇති දුරින් නිවස පිහිටුවිය යුතුය.

* ගෘහයේ පිටුපස සිට මායිම දක්‌වා අඩි 10 ක දුර ප්‍රමාණයක්‌ වෙන්කොට තැබිය යුතුය

* නිදන කාමරයක ප්‍රමාණය අවම වශයෙන් වර්ග අඩි 120 ක්‌ වත් විය යුතුය.

* කාමරයේ ප්‍රමාණයෙන් 1/7 ක්‌ ජනේල් සඳහා වෙන්කළ යුතුය.

* කාමරවල ප්‍රමාණයෙන් 1/15 ක්‌ දොරවල් සඳහා වෙන් කළ යුතුය

* වහලෙහි උස සිවිලිමේ සිට අඩි 9 1/2 ක්‌ පමණ උසින් පිහිටිය යුතුය.

* ප්‍රාදේශීය සභාවෙන් වීථි රේඛා සහ නොපවරා ගැනීමේ සහතිකයක්‌ ලබා ගත යුතුය.

ගොඩනැගිල්ලක සැලැස්‌ම අනුමත කරගැනීම සඳහා නගර සභාවට හෝ ප්‍රාදේශිය සභාවට භාරදිය යුතු ලිපි ලේඛන

01 ගොඩනැගිලි අයදුම් පත්‍රයක්‌ අදාළ මුදල් ගෙවා කාර්යාලයෙන් ලබා ගත යුතුය.

අයදුම්පත්‍රය විධිමත් පරිදි සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතුය.

හිස්‌තැන් නොතබා අදාළ නොවේ යන්න සටහන් කිරීම සුදුසුය.

සුදුසුකම් ලත් පුද්ගලයා විසින් සහතික කොට අත්සන් කළ යුතුය.

අයිතිකරු අත්සන් කළ යුතුය

අයදුම්පත්‍රය භාරදෙන විට වර්ග අඩි ප්‍රමාණයට අනුව පරික්‌ෂණ ගාස්‌තු ගෙවිය යුතුය.

02 නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබාගත් මූලික සැලසුම් නිරාකරණ ලිපිය පිටපත් 02 න්

එම ලිපිය නිකුත් කළ දින සිට එක්‌ වර්ෂයකට පමණක්‌ වලංගු වන බැවින් වලංගු කාලය නොඉක්‌මවිය යුතුය.

මුලික සැලසුම් නිරාකරණය ඉඩම් අනු බෙදුම් කළ යුතු බවට කොන්දේසියක්‌ ඇත්නම් ඒ සඳහා ද අයදුම්පත්‍රයක්‌ ඉදිරිපත් කළ යුතුය.

03 අයිතිය සනාථ කරන ලියකියවිලි

ඔප්පුව - පිටපත් 02 න්

ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ අදාළ ඉඩම් පැවරුන පිළිවෙල පිළිබඳ ලේඛන වාර්තාවේ සහතික පිටපත්

වාර්ෂික බලපත්‍රයක්‌ නම්, බලපත්‍රධාරියා නමින් අයදුම් කළ යුතුය

04 ඉඩමේ මිනින්දෝරු සැලැස්‌ම පිටපත් 03 න්

බලයලත් මිනින්දෝරුවකු විසින් පිළියෙල කළ මානක සැලැස්‌මක්‌ විය යුතුය

අනුරේඛන සැලසුම් වලංගු නොවේ

05. වරිපනම් ලදුපත - පිටපත් 01

අයදුම්කරු නමින් වරිපනම් බදු හෝ අක්‌කර බදු ගෙවූ පෙර වර්ෂයේ හෝ පවතින වර්ෂයේ වරිපනම් ලදුපත් ඉදිරිපත් කළ යුතුය

අයදුම්කරු නමින් නොමැති ලදුපත් භාර නොගැනේ. එවන් අවස්‌ථාවල අයදුම්කරු නමින් වරිපනම් ලේඛනයේ නම් සංශෝධනය කර ගැනීමට නාගරික ගණකාධිකාරීගෙන් විමසිය යුතුය.

යමුනා කුමාරි මහානාම
සහකාර අධ්‍යක්‍ෂ (ගෘහ ආර්ථික විද්‍යාව)
කැලණිය කලාපය