Wednesday, March 31, 2010

මේ අවුරුද්දේ හිත පිරෙන්න කන්න


පබ්ලිස්‌ සිල්වා ඉදිරිපත් කරයි

ළඟම එන්නේ අප්‍රේල් මාසේ. ඒ කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ලංකාවේ කවුරුත් හොඳට කාලා බීලා සතුටින් ඉන්න කාලේ. මේ සතුටට ස්‌වභාව ධර්මය පුදුම විදිහට අපට සම්පත් සපයනවා.

කජු පුහුලන් කන්න ලැබෙන්නේ මේ අවුරුදු කාලෙදි. කජු පුහුලන් කියන්නේ ඉතාම හොඳ ගුණ කෑමක්‌. ඒත් අපේ අය මේවා කන්නේ නෑ. අවුරුද්දකට වතාවක්‌වත් කන්න ලැබෙන කෑම කන්නේ නෑ.

අවුරුදු කාලෙදිවත් ගෙදර අයට අපේ දේ ගැන හඳුන්වා දෙන්න. කෑම බීම අපට ගැලපෙන විදියට අපේ දේවලින් හදන්න.

කජු පුහුලන්, ජම්බු, පැල මද මේ දේවල් එකතු කරලා රසවත් කෑම හදන්න පුළුවන්. ඒ වගේම කැවුම්, කොකිස්‌ දරුවන්ට හදලා දෙන්න.

හුඟ දෙනෙක්‌ මේ තෙල් කෑමවලට බයයි. කැවුමක්‌, අතිරසයක්‌, කොකිසක්‌, අග්ගලයක්‌ මුං කැවුමක්‌ කෑවේ නැත්නම් ඒ අවුරුද්දෙන් වැඩක්‌ තියෙනවද? දරුවන්ටත් තහංචි දානවා. "හා හා ඕවයේ තෙල්, සීනි වැඩියි කන්න එපා" කියනවා. තෙල්, සීනි තිබුණට කමක්‌ නෑ කන්න.

දේශිය කෑමවල හොඳ සමබරතාවයක්‌ තියෙනවා. තෙල්, සීනි වැඩි කෑමත් එක්‌ක අපි ඒවා අඩු කරන කෑමත් කන්න ඕන. අපි කරන්නේ සීනි, තෙල් කෑම කාලා නිකම් ඉන්න එක. එහෙම කළහම ප්‍රශ්නයක්‌ තමයි. අපි ඕන තරම් කියලා තියෙනවා ගොරකා උයලා කන්න කියලා. කරපිංචා දළු සම්බෝල, කරපිංචා කැඳ මේවා අහන්නේ නෑ.

ඒ හින්දා අද මම ඔබට මෙහෙම කියනවා. මේ අවුරුද්දේ ඔබ හිතේ හැටියට කන්න. ඒ එක්‌කම අපි මේ ඉදිරිපත් කරන කෑම, බීමත් ඒ විදියටම ගන්න. නැතිව හොඳට කාලා හිටියොත් නම් ඵලක්‌ වෙන්නේ නෑ.

ගොරකා මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි කොරකා ග්‍රෑම් 250

විටට කහ හුණු තේ හැඳි 1/2

රතු ළුEනු ග්‍රෑම් 50

අමු මිරිස්‌ කරල් 2

ලියාගත් කරපිංචා තේ හැඳි 1

සුදු ළුEනු බික්‌ 2 (දෙකට පලා මැද ඉවත් කරන්න)

බැදගත් උළුහාල් තේ හැඳි 1/2

කරි කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

මිරිස්‌ කුඩු තේ හැඳි 1/2 (කබලේ බදින්න)

උම්බලකඩ තේ හැඳි 1

ලුණු තේ හැඳි 1/2

දිය කිsරි කෝ. 2

මිටි කිරි කෝ. 1/2

සාදන ක්‍රමය

වතුර කෝප්ප 1/2 ට හුණු කලවම් කර ගොරකාවල දවටා පැයක්‌ තබන්න. එය පිරිසිදු ජලයට දමා පස්‌ වරක්‌ සෝදාගන්න. කැබලි කපාගන්න. මිටි කිරි හැර ඉතිරි සියල්ල එකට දමා ලිප තබා උතුරන විට ගින්දර අඩු කර ඉස්‌ම හිඳිගෙන එන විට මිටි කිරි දමා සිඳුවාගන්නත.

කොලෙස්‌ටරෝල්, සීනි අසනීප ඇති අයට මෙය ගුණදායකයි. මාසයකට තුන්වරක්‌ පමණ කෑමට ගන්න. තරබාරු බවින් පීඩා විඳින අයටත් හොඳයි. ස්‌ථුල බව පාලනය කරයි.

අවුරුදු සංග්‍රහයට කැවුම් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

කොණ්‌ඩ කැවුම් 5

කිරි ලීටර් 1/2

පැණි කෝප්ප 1

කස්‌ටඩ් පවුඩර් තේ හැඳි 2

වැනිලා තේ හැඳි 1/2

සාදන ක්‍රමය

කිරි ලිප තබා උතුරන විට ගින්දර නිවා කස්‌ටඩ් පවුඩර් දියකර දමා හොඳින් කලවම් කර පෙරාගන්න. කැවුම් කුඩාවට කපා එයට මිශ්‍ර කර භාජනයකට දමා ශීතකරණයේ තබන්න.

තෙල්, සීනි අඩුකරන්නට ඉදුනු වරකා කොළ බීම

ඉදුනු වරකා කොළ සෝදා පවනේ වේලා අතින් පොඩි කර බෝතලයක අසුරා තබන්න. වතුර උණු කර, කුඩු කරගත් වරකා කොළ තේ හැඳි එකක්‌ දමා තේ තම්බාගන්නා ලෙස වත්කර පානයට ගන්න. දිනකට දෙවරක්‌ පානය කළ යුතුයි.

කොලෙස්‌ටරෝල්, සීනි පාලනයට ඉතාම සුදුසුයි.

No comments:

Post a Comment