Thursday, November 13, 2014

වස විස නැති ආහාර - සෙනසුරාදාට පොලොස්‌ රොටියක්‌


සතියේ දින හතට ගැළපෙන වස විසවලින් තොර පෝෂ්‍යදායී ආහාරපාන අප අවට පරිසරයෙන් ඕනෑ තරම් සොයාගත හැකි බව මේ වනවිට අප සතියේ දින පහක්‌ සම්බන්ධව හෙළිකළ තොරතුරුවලින් ඔබට වැටහෙනු ඇත.
මෙවර අප අවධානය යොමු කරන්නේ සෙනසුරාදා දිනට ගැළපෙන වස විස වලින් තොර ආහාරපාන ගැනයි.
සෙනසුරාදා යනු සිරිකත දේවියගේ දිනයයි. zකුවිනාමි මංගල ස්‌ත්‍රි භාගා, පුරුෂ භාගා, පූර්ණ කල්හි කදර් සිං සිං.." ලෙසින් මහා සෘෂි වෛද්‍යවරු සෙනසුරාදා දිනය ගැන සඳහන් කර ඇත. ඉන් පවසන්නේ යම් නිවසකට සිරිකත දේවියගේ ආශිර්වාදය ලැබීමට නම් එම නිවසේ සැමියා සහ බිරිඳ ඉතා යහපත්ව දිවි ගෙවිය යුතු බවය. එනම් බිරිඳ දේව මාතාවක්‌ ලෙසද සැමියා මනුස්‌ස, බ්‍රහ්ම, දේව ගති සිරිත් විරිත් වලින්ද යුක්‌ත වියයුතු බවය. එවැනි නිවසකට අනිවාර්යයෙන්ම සිරිකත දේවියගේ ආශිර්වාදය ද හිමිවේ.
සෙනසුරාදා යනු, කෙම්මුර දිනයකි. දෙවියන්ට භාරහාර වන දිනයක්‌ද බැවින් ඉතා චරිතවත් ලෙස දිවි ගෙවිය යුතුය.
උදේ කැඳ පානය
සෙනසුරාදා උදෑසන අලිගැටපේර දලු, ගොටුකොළ සහමුලින්ම, කරපිංචා, උදුපියළි කොළ සම සමව ගෙන කොටා යුෂ ගෙන කැළක්‌ පිළියෙල කරගෙන පිරිසිදු කිතුල් හකුරු සමඟ පානය ගුණදායකය.
උදේ ආහාරය
පොළොස්‌ ගැට හොඳින් තම්බා පිටිකර ගෙන හාල්පිටි, කඩල පිටි සහ මුං ඇට පිටි සම සමව මිශ්‍රකර පොල් සමඟ අනාගෙන රොටි සාදාගෙන ආහාරයට ගත හැකිය.
මෙම රොටි ආහාරයට ගැනීම සඳහා අමු ගම්මිරිස්‌, අමුමිරිස්‌, රතුලූනු සහ පදමට ලුණු මිශ්‍ර කර ගලේ අඹරාගෙන දෙහි ඇඹුල් දමා රසවත් ලුණු මිරිසක්‌ පිළියෙල කර ගත හැකිය.
දිවා ආහාරය
කැකුළු සහල් සහ සුදු සහල් මිශ්‍ර බතක්‌ පිළියෙල කර ගන්න.
ඊට ස්‌වභාවිකව වර්ධනය වී ඵල හටගත් ඇඹරැල්ලා ගසකින් ගෙඩි ලබාගෙන ඇඹරැල්ලා කළුපොල් මාළුවක්‌ සාදා ගන්න. වට්‌ටක්‌කා මල්, එළබටු, පුහුල්මල්, බෝංචි, ඉන්නල, පරිප්පු සමව ගෙන වෑංජනයක්‌ සාදා ගන්න. එම වෑංජනය තල තෙලින් තෙම්පරාදු කර ගැනීම ගුණදායකය.
මෙම ආහාර බඩ දැවිල්ල, මුත්‍රා ආසාදන, ගුද මාර්ගයේ අපහසුතා, ආහාර අජීර්ණය සමනය කරනු ලබයි.
සවසට පලතුරු පානයක්‌
සෙනසුරාදා සවසට හොඳින් ඉදුණු අනෝදා ගෙඩියක ඇට ඉවත්කර ලබාගත් මද, ඉදුණු කාමරංකා ගෙඩියක්‌, ඉදුනු ලාවුලු ගෙඩියක මද, ඉදුණු හීන් නාරං යුෂ මිශ්‍ර පලතුරු බීමක්‌ සාදාගෙන පානය ගුණදායකය.
මෙම පලතුරු යුෂ මගින් කටහඬ මිහිරි වේ. ස්‌වර බේධ නැති කරයි.
රාත්‍රී ආහාරය
සෙනසුරාදා රාත්‍රි ආහාරයට හොඳින් පැසුණු දෙල් ගෙඩියක්‌, පොලොස්‌ ගෙඩියක්‌ සහ බතල අලයක්‌ තම්බාගෙන පිටිකර සාදාගත් මිශ්‍රණයට පොල් ද එක්‌කර රොටියක්‌ සාදා ගත හැකිය.
මෙම රොටිය ආහාරයට ගැනීම සඳහා හීන් බෝවිටියා කොළ, අමු ගම්මිරිස්‌, කරපිංචා දලු, සියඹලා දලු, අමු මිරිස්‌ කරල් කිහිපයක්‌ ගෙන පොල් දමා අඹරාගත් සම්බෝලයකට දෙහි සහ ලුණු මිශ්‍රකර රසවත් කර ගත හැකිය.

නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ
මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
අංක 118/2 අඟුලාන දුම්රිය පොළ පාර, උද්‍යාන මාවත, අඟුලාන, මොරටුව. දුරකථන - 0112632225

සිරුරේ වැඩි බර අඩුකරගෙන දීර්ඝායු ලබා ගන්නා හැටි

ඔබ දිනකට කොපමණ වේලාවක්‌ ශාරීරික ව්‍යායාම වල යෙදෙනවාද? මෙම පැනය හමුවේ බොහෝ දෙනා නිරුත්තර වෙති. අනේ අපිට ව්‍යායාමවල යෙදෙන්න වේලාවක්‌ නැහැ.. සමහරු ඊට පිළිතුරු ලෙස පවසති.
එලෙස පිළිතුරු දෙන පුද්ගලයන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික තරබාරුව වැනි රෝග වලින් පීඩා විඳිමින් වෛද්‍ය සායනවල කෙතරම් කාලයක්‌ ගත කරනවාද?
වෛද්‍ය පරීක්‍ෂණ සඳහා කෙතරම් මුදලක්‌ වැය කරනවාද?
වර්තමානයේ අප බොහෝ දෙනා ගතකරන්නේ අවිවේකී දිවියකි. අලුයම 4 ත් 5 ත් අතර අවදි වී රාත්‍රි 11 ත් 12 ත් අතර වනතුරු ගෙදර දොරේ රැකියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙති. ආහාර පාන ගන්නේ වැඩ රාජකාරිවල නිරත වෙන අතරය. එසේත් නැතිනම් වාහනයේ ගමන් කරන අතර තුරය.
මෙම අවිවේකී බව නිසා වර්තමානයේ අප බොහෝ දෙනාගේ ආයු කාලය අවුරුදු 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇත.
අතීතයේදී ශ්‍රී ලාංකික කාන්තාවකගේ ආයු කාලය අවුරුදු 90 ක්‌ද පිරිමියකුගේ ආයු කාලය අවුරුදු 70 ක්‌ද පැවතුනි. නමුත් වර්තමානයේ කාන්තාවකගේ ආයු කාලය වයස අවුරුදු 68 ක්‌ සහ පිරිමියකුගේ ආයුකාලය වයස අවුරුදු 60 ක්‌ දක්‌වා අඩුවී ඇත.
මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ නිසි පෝෂණයෙන් යුත් ආහාර පාන නොගැනීම සහ නිසි ව්‍යායාම වල නොයෙදීම නිසා දියවැඩියාව, ගැස්‌ට්‍රයිටීස්‌, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග වැනි රෝග වලට ගොදුරුවීමෙන් අකාලයේ මරණයට පත්වීමය.
දීර්ඝායු ලැබීමට
වයස අවුරුදු 70 - 80 පමණ දක්‌වා නිරෝගීව ජීවත්වීම සඳහා අප දිනපතා අඩුම වශයෙන් පැය භාගයක්‌වත් ව්‍යායාමවල යෙදිය යුතුය. ඒ සඳහා ඇවිදීම, දිවීම හෝ ව්‍යායාම උපකරණ භාවිත කළ හැකිය.
උදැසන ව්‍යායාම වල යෙදීමට පෙර කොළ කැඳ වීදුරුවක්‌ හෝ පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කළ යුතුය.
සතියේ දින හයක්‌වත් කොළ පැහැති එළවළු පලතුරු ආහාරයට ගත යුතුය.
රාත්‍රී 7.00 න් පසු ප්‍රොaටීන් අධික ආහාර වන මස්‌, මුං ඇට, කවුපි වැනි ආහාර වර්ග ගැනීම අවම කළ යුතුය.
ආහාර පාන පාලනය සහ ව්‍යායාම මගින් මාසයකට තමාගේ ශරීරයේ පවතින අධික බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 2.7 ත් 3 ත් අතර ප්‍රමාණයකින් අඩුවේනම් එය නිරෝගී ලක්‍ෂණයකි.
වර්තමානයේ බොහෝ දෙනාගේ ශරීර බර වැඩිවන්නේ ආහාරපාන නිසාම නොව හෝමෝන ගැටලු නිසාද බර වැඩිවේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ බර අඩුවීම හෝ වැඩිවීමේදී මේ පිළිබඳවත් අවධානය යොමුකළ යුතුය. එහිදී බර වැඩිවන්නේ ආහාර පාන ගැනීමේ ගැටලුවක්‌ නිසා නොව හෝමෝන ගැටලුවක්‌ නිසාය.
එම හෝමෝන ගැටලු සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය.
බර අඩු කරගැනීම සඳහා රාත්‍රියට පලතුරු ආහාරයට ගැනීම පමණක්‌ නොකළ යුතුය. ඉන් ගැස්‌ට්‍රයිටීස්‌ සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලට ගොදුරු විය හැකිය.
ඔබගේ ශරීරයේ උසට ගැලපෙන බර ප්‍රමාණය හඳුනාගැනීම ශරීරයේ උස සෙන්ටිමීටර් වලින් මැන ඉන් 100 න් අඩුකිරීමෙන් දැනගත හැකිය.
දිනකට පානය කළ යුතු ජලය කෝප්ප ප්‍රමාණය ඔබගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එය 7 න් බෙදූවිට ලැබෙන අගය වේ. එම අගයට සමාන මිලිලීටර් 250 ක්‌ ජලය කෝප්ප ප්‍රමාණයක්‌ උදේ දහවල් සහ රාත්‍රිය යන දවස පුරා පානය කිරීමෙන් සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ලබාගෙන තිබහ ඇතිවීම වලක්‌වාගත හැකියි.
මෙහිදී ඔබ දිනකට පානය කරන තේ, කෝපි, සිසිල් බීම වැනි පානයන් ජලය වෙනුවට ආදේශ කළ නොහැකිය. එවැනි පාන වර්ග ගැනීමෙන් දිනකට ශරීරයට අවශ්‍ය පිරිසිදු ජලය කෝප්ප ගණනද වැඩිවේ. ඔබ වැඩිවේලාවක්‌ හිටගෙන සිටින්නේ නම් විනාඩි 2-3 ත් අතර කාලයකදී දණහිස්‌ දෙක තත්ත්පර කිහිපයක්‌ නවමින් හිටගෙන සිටින ඉරියව්ව වෙනස්‌ කළ යුතුය. එවිට ස්‌නායු පද්ධතියට මතුවන අපහසුතා මහහරවා ගත හැකිය. එවිට හිටගෙන සිටීම නිසා මතුවන කොන්දේ වේදනාවද මගහරවා ගත හැකිය.
එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ
චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග විජයරත්න

සතියකට බිත්තර 06 ක්‌ ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා අවම වේ

සතියකට බිත්තර හයක්‌ වත් ආහාරයට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව 44% පමණ අඩු වේ. එසේම කෙස්‌ හා නියපොතු වැඩීම හොඳින් සිදුවේ. බිත්තර කෑම ගැන සමහර අය බියක්‌ දක්‌වන්නේ කොලෙස්‌ටරෝල් නිසාය. නමුත් නීරෝගී පුද්ගලයකුට දෛනික කොලෙස්‌ටරෝල් අවශ්‍යතාව මිලිග්‍රෑම් 300 පමණ ප්‍රමාණයකි. බිත්තරයක අඩංගු වන්නේ කොලෙස්‌ටරෝල් මිලිග්‍රෑම් 150 - 180 අතර ප්‍රමාණයකි.
බිත්තරයක සුදු මදය හා කහ මදය තුළ අපට අවශ්‍ය පෝෂ පදාර්ථයන් අඩංගුව ඇත. බිත්තරයක වර්ණය අනුව ගුණාත්මක බව වෙනස්‌ වන්නේ නැත. බිත්තරයක ප්‍රොaටීන් ඛනිජ ලවණ විටමින් වර්ග අඩංගුය. ප්‍රොaටීන් අවශ්‍ය වැඩෙන දරුවන්ට පමණක්‌ නොව වැඩිහිටියන්ටත් ප්‍රොaටීන් අත්‍යවශ්‍යය.
බිත්තරවල ලූටීන් හා සීසැන්නින් සංඝටකයන් නිසා ඇසේ සුද ඇතිවීමට ඇති ප්‍රවණතාවය අඩුවේ. එක්‌ බිත්තරයක කෝලීන් මයික්‍රෝ ග්‍රෑම් 300 ක්‌ පමණ අඩංගුය. ඉන් මොළයේ ස්‌නායු පද්ධතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරි වේ.
වෛද්‍ය අතුල මහගමගේ
සකස්‌ කළේ - හැටන් - මනුර සුදත් සෙල්ලහේවා