Tuesday, May 18, 2010

වැටකොලු පොතු තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය

වැටකොලු පොතු ග්‍රෑම් 250

පොඩි හාල්මැස්‌සන් ග්‍රෑම් 50

අමු මිරිස්‌ කරල් 03

ලොකු ළුEනුq තරමක ගෙඩි 02

සුදුළුEනු බික්‌ 04

තක්‌කාලි මේස හැඳි 01

කෑලි මිරිස්‌ මේස හැඳි 02

කරපිංචා මේස හැඳි 01

තෙල් මේස හැඳි 04

කහ කුඩු තේ හැඳි 1/4

ලුණු තේ හැඳි 1/2

සාදන ක්‍රමය

1. වැටකොලු පොතු සෝදා සිහින්ව ලියාගන්න

2. භාජනයකට තෙල් දමා රත් කරගන්න.

3. පිරිසිදු කරගත් හාල්මැස්‌සන් සමඟ සිහින්ව කපාගත් කරපිංචා, ළුEනු, අමුමිරිස්‌, සුදුළුEනු එකතු කර තෙම්පරාදු කරගන්න.

4. පසුව එයට වැටකොලු පොතු සහ තක්‌කාලි දමා කලවම් කර ලුණු, කහ, කෑලි මිරිස්‌ මිශ්‍රකර සුළු වේලාවක්‌ පිසගන්න.

අලිගැටපේර දළු මැල්ලුම



අවශ්‍ය ද්‍රව්‍ය

අලිගැටපේර දළු ග්‍රෑම් 200

රතුළුEනු ගෙඩි 05

අමුමිරිස්‌ කරල් 03

ගාගත් පොල් කෝප්ප 1/2

දෙහි යුෂ තේ හැඳි 01

ලුණු තේ හැඳි 1/2

සාදන ක්‍රමය

1. අලිගැටපේර දළු සිහින්ව ලියාගන්න.

2. රතුළුEනු සහ අමුමිරිස්‌ සිහින්ව කපාගන්න.

3. භාජනයක්‌ ගෙන අලිගැටපේර දළු, රතුළුEනු , අමුමිරිස්‌, ගාගත් පොල් දමා හොඳින් කලවම් කරගන්න.

4. එය ලිප තබා ලුණු සහ දෙහි දමා පැහැය වෙනස්‌ නොවන සේ සුළු වේලාවක්‌ මලවාගන්න.

හකුරු පුඩිම

අවශ්‍ය ද්‍රව්‍යය

කිතුල් හකුරු ග්‍රෑම් 250 යි

මිටි කිරි තේ කෝප්ප 02 යි

ලුණු ස්‌වල්පයක්‌

සුවඳකුඩු තේ හැඳි 1/2 යි

ප්ලම්ස්‌ ග්‍රෑම් 50 යි

කජු ග්‍රෑම් 50 යි

ගා ගත් පොල් ග්‍රෑම් 100 යි

ජෙලටින් තේ හැඳි 04 ක්‌

සාදන ක්‍රමය

සිහින් වෙන්නට ගා ගත් හකුරුවලට පොල් කිරි මිශ්‍ර කර ළිප තබා උණු කරන්න. එයට ලුණු ස්‌වල්පයක්‌ මිශ්‍රකර ගන්න. පසුව උණු වතුර තේ කෝප්ප බාගයකින් දියකර ගත් ජෙලටින් හා සුවඳකුඩු ලිපෙන් බාගත් හකුරු මිශ්‍රණයට එකතු කර ඇල්දියෙන් සෝදාගත් වීදුරු බඳුනකට දමා ශීතකරණයේ තබන්න.

හකුරු පුඩිම සෙට්‌ වූ පසු එයට ප්ලම්ස්‌, කජු හා රන්වන් පාටට කබලේ බැදගත් පොල්දමා සරසා ගන්න

No comments:

Post a Comment