Tuesday, May 18, 2010

කොහිල වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

කොහිල අල (සිහින්ව දික්‌ අතට කපාගත්) ග්‍රෑම් 250

පාන්පිටි ග්‍රෑම් 50

බිත්තර සුදුමද 01

ලොකු ළුEනු (සිහින්ව කපාගත්) ගෙඩි 01

අමු මිරිස්‌ (සිහින්ව කපාගත්) කරල් 03

කරපිංචා (සිහින්ව කපාගත්) මේස හැඳි 02

මිරිස්‌ කුඩු මේස හැඳි 01

ලුණු කුඩු තේ හැඳි 01

වතුර කෝප්ප 1/4

බැදගැනීමට තෙල් බෝතල් 1/2

සාදන ක්‍රමය

1. භාජනයක්‌ ගෙන සිහින්ව කපාගත් කොහිල අල, බිත්තර සුදුමද, පාන්පිටි, වතුර සමඟ අනෙකුත් සියළු දේ දමා හොඳින් කලවම් කර තලපයක්‌ සේ සාදාගන්න.

2. තලපයෙන් කුඩා බෝල සාදා පරිප්පු වඩේ ආකාරයට සකසාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

No comments:

Post a Comment