රාජකීය පණ්‌ඩිත විලියම් අල්විස් සූරින් ඉස්‌සර කී කතාවක්
"මොනාද දවල්ට කෑවේ?"
"දෙලුයි, බල මාළුයි, බතුයි"
"හොඳට හිටිවී.. ඒ දෙකම හරිම ගිනියම් කෑමනේ ළමයෝ.. "
බොහෝ දෙනෙක් එසේ කියති.
එහෙත් ඒ ගැන දිවංගත රාජකීය පණ්‌ඩිත විලියම් අල්විස් සූරීන් ඉස්‌සර කීවේ මෙවන් කතාවක්.
"පිටි බහුල ආහාරයක් වන දෙල් තරමක් උෂ්ණ ගුණයෙන් යුත් බව සැබෑය. එහෙත් එය සීමාවක් ඇතිව කෑවොත් අගුණනොවේ. දෙල් උෂ්ණාධිකය යන මතයට කෙලින්ම එකඟ විය නොහැකිය. උෂ්ණ ගුණය ඇති බොහෝ දේ පෝෂණීය ගුණය සහිත බවද පිළිගත යුතුය. කුෂ්ඨ රෝග, අමිල පිත්ත යන රෝග ඇති අයට දෙල් වැඩිපුර කෑම අගුණයි. මේ පීඩා නැති අයට දෙල් කෑම අගුණ නොවේ. පිටි බහුල නිසා දියවැඩියා රෝගීන්ටද ඒ අහිතයි." (එළවළු ගුණ ග්‍රන්ථයෙනි)
මේ ලියන මා සමග දිනක් කථාවට වැටී සිටි විලියම් අල්විස් සූරින්ගෙන් මා මේ ගැන ඉස්‌සර දවසක විමසූ විට එතුමා කීවේ මෙසේය.
"දෙල් කනවා කිව්වාම, මිනිහෙක් හැමදාම හැම තිස්‌සේම දෙල් කන්නේ නැහැනේ. බල මාළු කෑමත් එහෙමනේ. අනිත් එක, මිනිහෙක් එක වේලකට දෙල් ගෙඩියක දෙල් කනවාද? බලමාළුත් එහෙමනේ. මිනිහෙක් බලමාළු ග්‍රෑම් 500 ක් එක වේලකට කනවද? අඩු ගණනේ මාළු කෑලි තුන හතරක්‌වත් කන්නේ නැහැනේ. ඉතින් ඉඳලා හිටලා කෑම වේලකට බල මාළු කෑල්ලක්, දෙල්කෑලි දෙකතුනක් කෑවා කියා මුකුත් වෙන්නේ නැහැ."
No comments:
Post a Comment