පෞරුෂ සම්පන්න බව යනු අර්ථවත්ව ජීවත්වීමයි. ඔබගේ පෞරුෂවත් දිවිය අර්ථවත් කරගැනීමට ඔබ ඔබේ ජීවිතයට වටිනාකම් එක්‌කරගත යුතුවේ. ඔබ, තුළ ඇති වටිනාකම් හඳුනාගෙන එම වටිනාකම් වර්ධනය කරගැනීම තුළින් ඔබට ඔබගේ ජීවිතය අර්ථවත් කරගැනීම පහසු වේ. මෙලොව වෙසෙන මනුෂ්‍ය හා සත්ව යන දෙකොට්‌ඨාසය වෙන්වන්නේ මෙම වටිනාකම් සීමාවෙනි. මෙම වටිනාකම් කිසිවෙකුට ඉගැන්විය හෝ කිසිවෙකුට කා වැද්දිය නොහැක. ඒවා ඔබ තුළ ම හටගත යුතු වේ. වටිනාකම් ඇතැම් විට ඔබට පමණක් නොව ඔබ අවට සිටින අනෙක් පුද්ගලයන්ගේද හිත සුව පිණිස වේ. එබැවින් ඔබ මෙම ලිපිය මඟින් ඔබගේ දිවියේ වටිනාකම් හඳුනාගෙන ඔබගේ දිවිය අර්ථවත් කරගන්න.
අවංක බව
අවංක බව ජීවිතයේ වඩාත් ම වැදගත් වටිනාකම ලෙස හඳුන්වා දිය හැක. ජීවිතයේ අනෙක් වටිනාකම් සඳහා අඩිතාලම වන්නේද මෙම අවංකභාවය යි. අවංක භාවය යනු අනෙක් පුද්ගලයන්ගේත් අතපසු වීම් සහ වැරදීම් සෙවීම පමණක් නොවේ. අවංක භාවය යනු තබන සෑම පියවරක් ම අතපසුවීම් හා වැරදීම් මඟහැරීමයි. ඔබගේ සාර්ථකත්වය රඳා පවතින්නේද ඔබගේ හා ඔබ අවට පුද්ගලයන්ගේ අවංකභාවය මතයි.
දයානුකම්පාව
අනුකම්පාව යනු මිල මුදල් රහිත පුද්ගලයෙකුට හෝ පවුලකට මුදලින් උදව් උපකාර කිරීම පමණක්‌ම නොවේ. ඔබට සතයකුදු නොමැතිව අන්අය කෙරෙහි දයානුකම්පාව දැක්‌විය හැකිය. ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා මුදල් උපකාර කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් ඔබගේ කාලය, ශක්‌තිය, වැයකිරීමෙන්ද ඔබට දයානුකම්පාව දැක්‌විය හැක. පෞරුෂ සම්පන්න ඔබද මෙම වටිනාකම ඔබේ දිවියට එක්‌කරගැනීම තුළින් පෙරලා ඔබද අන් අයගේ උදව් උපකාර වලට පාත්‍ර වනු ඇත.
විනය
පෞරුෂ සම්පන්න බවින් යුක්‌තව සමාජයේ හැසිරෙන ඔබට අනෙක් පුද්ගලයන් ගෞරව කිරීම ඉතාමත් වැදගත්වේ. ඔබ අන් අයට ගරු නොකරන්නේ නම් අන් අයගේ ගෞරවය ඔබට නොලැබෙන අතර ඔවුන්ගේ ගැරහුමට ඔබ ලක්‌වනු ඇත.
මෙපරිදි ඔබ, ඔබ තුළ පවතින වටිනාකම් හඳුනාගෙන ඒවා වර්ධනය කරගැනීම තුළින් යහපත් ගුණගරුක සමාජය ගොඩනැංවීමට දායක වන අතරම ඔබගේ පෞරුෂය වඩ වඩාත් ඔප්නංවා ගැනීමටද හැකිවේ.
No comments:
Post a Comment