Monday, December 13, 2010

සමෙහි තෙතමනය රඳා පැවතීම අවශ්‍යද?

සමෙහි තෙතමනය රඳා පැවතීම අවශ්‍යද? එසේ නම් තෙතමනය රඳා පවත්වාගන්නේ කෙසේද?

ඔව්.. සමෙහි තෙතමනය රඳා පවත්වා ගැනීම අවශ්‍ය වේ. නිරන්තරයෙන් සම හරහා ශරීර අභ්‍යන්තරයේ සිට ජලය මතුපිටට ගමන් කරයි. එය අපි "ට්‍රාන්ස්‌ එපිඩමල් වෝටර් ක්‍රොස්‌" ලෙස හඳුන්වමු. අපිචර්මය හරහා නිරන්තරයෙන් ජලය මතුපිටට කාන්දුවීමක්‌ මේ ක්‍රියාවලිය හරහා සිදුවේ. මෙසේ කාන්දුවන ජලය වාෂ්ප වී යැමේ හැකියාවක්‌ ඇත. එය වළක්‌වන්නේ අපේ සම තුළ ඇති ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි මඟින් නිෂ්පාදනය වන ස්‌නේහය හෙවත් තෙල් ස්‌ථරය මගිනි.

අපිචර්මය මත තෙල් ස්‌ථරයක්‌ රැඳීමෙන් අපිචර්මය මතට කාන්දුවන ජලය වාෂ්පවීම වළකයි. මෙම ක්‍රියාවලියෙන් අපිචර්මය මත ජලය රැඳී පවතියි. ජලය රැඳුණු අපිචර්මය බොහෝ නිරෝගී වේ. අපිචර්මය තුළ නිවැරදි ජල ප්‍රමාණය තිබීමේ වාසිය වන්නේ අපිචර්මයේ කාර්යයන් ඉතාම සාර්ථකව කිරීමට හැකියාව ලැබීමයි.


සමෙහි තෙතමනය රඳා නොපැවතීමට වෙනත් සාධක බලපානවාද?

ඔව්... නමුත් විවිධ හේතු නිසා සමෙහි තෙතමනය අවශ්‍ය පරිදි රඳා නොපවතින අවස්‌ථාද තිබේ. කෙනෙකුගේ උපතින්ම ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි මගින් නිෂ්පාදනය වන ස්‌නේහ ප්‍රමාණය අඩු නම්, අපිචර්මය මතට විවරවන ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි ප්‍රමාණය අඩු නම්, ඇතැමෙකුගේ රෝග තත්ත්වයන් නිසා ස්‌නේහ නිෂ්පාදනය අඩු නම්, තවත් විටෙක විවිධ ආලේපන දීර්ඝ කාලයක්‌ පාවිච්චි කිරීමෙන් ස්‌නේහය නිෂ්පාදනය අඩු නම් මෙවැනි තත්ත්ව ඇති වේ. මෙවැනි අයගේ තෙල් ස්‌ථරය සමහර විට ඉතා සියුම් ස්‌ථරයක්‌ ලෙස පිහිටයි. එසේත් නොමැති නම් තැනින් තැන පමණක්‌ පිහිටයි. එවැනි තත්ත්ව යටතේ අපිචර්මය හරහා උඩට එන ජලය අපිචර්මය තුළ නොරැඳී වාෂ්ප වී වාතයට එකතු වේ. එවිට අපිචර්මය වියළීමට පටන් ගනී. සම වියළීම ලෙස අපි අදහස්‌ කරන්නේ අපිචර්මය වියළීමයි.

අපිචර්මය වියළීම වැලැක්‌වීම සඳහා ස්‌වභාවිකවම අප ශරීරය තුළින් ලබාදෙන ප්‍රතික්‍රියාව වන්නේ තෙල් ස්‌ථරය නිෂ්පාදනයයි. මෙම තෙල් තට්‌ටුව අපිචර්මය මත නැතිනම් පිටතින් තෙල් ස්‌ථරයක්‌ ලබාදීමට අපට සිදුවේ. එසේත් නොමැතිනම් තෙල් ස්‌ථරය ලබාදෙන ගමන් සමට පිටින් ජලය සැපයීමක්‌ ද සිදුකළ යුතුය.



සමට තෙතමනය ලබාදෙන්නේ කෙසේද?

කෙනෙකුට සෑම විටම අපිචර්මය මත ජලය ආලේප කරමින් සිටිය නොහැකියි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පොල්තෙල්, තලතෙල්, ඔලිව් තෙල්, එඬරු තෙල් වැනි තෙල්වර්ග ආලේප කිරීමෙන් ද තෙල් ස්‌ථරයක්‌ සම මත ඇති කරගත හැකියි. නමුත් ඒවා ප්‍රායෝගිකව භාවිත කළ නොහැකියි. එයින් අපහසුවක්‌ ඇති වේ. මෙවැනි තෙල් සම මතුපිට ආලේප කිරීමෙන් සමෙහි ඇති රෝම කූප විවරයන් වැසීමෙන් ඒවා හරහා නිෂ්පාදනය වන තෙල් මෙම රෝම කූප තුළ එකතු වී ඒවා තුළට බැක්‌ටීරියා ගමන් කිරීමෙන් විසර ගෙඩි පවා ඇති වේ.

නමුත් වෛද්‍ය විද්‍යාව තුළ සොයාගෙන ඇත්තේ සමෙහි තෙතමනය රැකගැනීමේ ආලේපන වර්ග දෙකක්‌ ඇති බවයි. ඉන් එකක්‌ තෙල් ස්‌ථරයක්‌ ලෙස ක්‍රියාකරන, අපි සාමාන්‍ය පාවිච්චියේදී ගන්නා තෙල්වලට වඩා වෙනස්‌ එතරම් තෙල් ගතියක්‌ නොරැඳෙන ඔක්‌ලුසිව් මොයිස්‌චරයිසර් ලෙස හඳුන්වයි.

ඔක්‌ලුසිව් මොයිස්‌චරයිසර් මඟින් කරනු ලබන්නේ ස්‌වභාවික තෙල් ස්‌ථරය මඟින් සම මතුපිට පෘෂ්ඨය වසා සිටිනවා මෙන් අප මෙසේ ලබාදෙන ඔක්‌ලුසිව් මොයිස්‌චරයිසර් තෙල් ස්‌ථරය මඟිනුත් සම මතුපිට පෘෂ්ඨය වසා තබා ගැනීමයි. එවිට අපිචර්මය හරහා ජලය වාෂ්පවීමක්‌ සිදු නොවේ. එමගින් අපිචර්මය තු=ළ තෙතමනය රැඳේ.

දෙවැන්න, හයික්‍රොස්‌කොපි මොයිස්‌චර් ලෙස හඳුන්වයි. මෙය මඟින් කරනු ලබන්නේ වාතයේ ඇති ජලවාෂ්ප උරාගෙන සම මතුපිට තැන්පත් කිරීමයි. එමඟින් සමෙහි තෙතමනය රඳවාගැනීම ඇතිකරනවා වාගේම ඔක්‌ලුසිව් ක්‍රියාකාරීත්වය ද ලබාදෙයි.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

No comments:

Post a Comment